ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ජවිපෙ සභාපති අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යය සරත් වීරසේකර මහතා පවසා සිටියේ තමා විසින් පසුගිය කාලයේ සිදුකළ ප්‍රකාශවල සත්‍ය අසත්‍යතාව නුදුරු අනාගතයේදී සනාථ වනු ඇති බවයි.
එහිදී අමාත්‍යයවරයා අවධාරණය කර සිටියේ පාස්කු ප්‍රහාරයට අනුබල දුන් ඊබ්‍රහිම් සහෝදරයින්ගේ පියා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලදී අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාට ද ප්‍රකාශ ලබාදීමට සිදුවනු ඇති බවයි.
අමාත්‍යය සරත් වීරසේකර මහතා “මා පසුගිය දිනවල කළ කී දෑ “පුස් වෙඩිල්ලක්” බව අනුර කුමාර මහතා පවසා තිබෙනවා. ඒවා පුස් වෙඩි ද ජීව උණ්ඩ ද කියා ඉතාම කෙටි කාලයකදී අනුර කුමාර මන්ත්‍රිවරයාට දැනගන්න හැකියාව ලැබේවි. පාස්කු ප්‍රහාරයේ දරුණුම අපරාධ කළ බෝම්බකරුවන් දෙදෙනා ගේ පියා වන්නේ ඊබ්‍රහිම් නැමැත්තායි. ඔහු ලක්ෂ 300ක් සහරාන්ට ලබා දී තිබෙනවා මේ ප්‍රහාර කිරීමේදී අවශ්‍යය වන වියහියදම් කිරීමට. මේ කියන ඊබ්‍රහිම්ගේ නම ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවේ සඳහන් වෙලා තියෙනවා. අනුර කුමාර මන්ත්‍රීතුමාට ඒ සම්බන්ධයෙන් නුදුරු අනාගතයේදී පැහැදිලි කිරීමක් කරන්න සිදු වේවි”යනුවෙන් පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...