දේශීය පුවත්

දැනට වසරක කාලයක් සඳහා නිකුත් කරනු ලබන වැලි, කළුගල් හා පස් කැණීම් බලපත්‍රය වසර තුනක කාලයක් සඳහා දීර්ඝ කිරීමට කටයුතු කරන බව පරිසර ඇමැති මහින්ද අමරවීර පවසයි. එමෙන්ම කැණීම් බලපත්‍ර ගාස්තුව සියයට පනහකින් අඩු කිරීමටද කටයුතු කරන බව ඇමැතිවරයා කියයි.

ඛනිජ කැණීමක් සඳහා ආයතන රැසක අනුමැතිය ලබා ගැනීමට යාමෙන් බලපත්‍රලාභීන්ට සිදුවන ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා පුරාවිද්‍යා, නාගරික සංවර්ධන, ප්‍රාදේශීය සභා, වන සංරක්ෂණ, ඉඩම් ආදි විවිධ ආයතනවලින් අනුමැතිය ලබා ගැනීමේ කටයුතු භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් කිරීමට නියමිත බවද ඇමැතිවරයා සඳහන් කරයි.

එමෙන්ම වැලි, කළුගල් හා පස් කැණීම් බලපත් නිකුත් කිරීමේ දී බලපත්‍රලාභීන් රස්තියාදු නොකිරීම සඳහා එකම ස්ථානයක දී බලපත් ලබා ගැනීමට පහසුකම් සැලසීමේ වැඩපිළිවෙළක් අරඹන බවද ඇමැතිවරයා පැවසුවේය.

කැණීම් ව්‍යාපෘතියක් අවසන් වූ පසු දැනට එම ස්ථාන දිස්වන්නේ “යකුන් නැටූ සොහොන් පිටි” ආකාරයෙන් බැවින්, කැණීම් අවසන් වන විට එම ස්ථානය පුනරුත්ථාපනය කිරීම ද කැණීම් බලපත්ලාභියාගේ වගකීමක් බවත්, මේ සම්බන්ධව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් මනා ලෙස අධීක්ෂණය කළ යුතුව ඇති බවත් ඇමැතිවරයා අවධාරණය කර සිටියේය.
(මව් රට පුවත්)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More