අතීතය වැදගත් වන්නේ වර්තමානය නිවැරදි කරගැනීමට බවත් එදා ක්‍රීඩා කළේ නිකම්ම නිකන් ක්‍රීඩකයින් නොව රට දිනවන්න ඕනෑය යන හැඟීම තිබූ ක්‍රීඩකයින් බවත් ලෝක කුසළානය දිනා වසර 25ක් සැපරීම සමරණු වස් ඊයේ පැවති උත්සවයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසා සීටියේය.
ක්‍රිකට් ලොවේ විවිධ රටවල් 1996දී අපිට කෙනෙහිළිකම් කරත්දී අපිට සහාය දුන්නේ ඉන්දියාව, පකිස්ථානය ඇතුළු ආසියාතික රටවල් බවත් 1996දී අපි ලෝක කුසළානය දිනාගැනීම එදා ඔවුන් සැළකූවේ “ආසියාවේ ජයග්‍රහණයක්” ලෙස බවත් ඔහු සිහිපත් කළේය.
ඉතා අසාධාරණ තීන්දු දෙමින් එදා මුරලිව ක්‍රිකට් පිටියෙන් ඉවත් කිරීමට සූදානම් වූ අවස්ථාවේදී එදා හිටපු ක්‍රිකට් නායන අර්ජුන රණතුංග මුරලි වෙනුවෙන් පෙනීසිටිමින් කළ සේවය අගය කළ අගමැතිවරයා ඉන්දියාවේ පැවති අවසන් පූර්ව තරඟය අවසාන භාගයේදී ඉන්දීය ප්‍රේක්ෂකයින් කළහකාරීව හැසිරෙත්දී හතරේ සීමාව අසල ක්‍රීඩා කරමින් සිටි උප නායක අරවින්ද ද සිල්වා අසලට ගිය අතිරේක ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කරමින් සිටි උපුල් චන්දන වැඩි ආරක්ෂාව සඳහා අරවින්දට එතනින් ඉවත්ව සීමාවෙන් ඇතුලේ තමාගේ ස්ථානයේ ක්‍රීඩා කරන ලෙසත් තමා හතරේ සීමාවේ ක්‍රීඩා කරන්නම් යැයි පවසා ඇති බවටත් සිහිපත් කළේය.
තම ජීවිතය කැප කිරීමට තරම් විශාල හැඟීමක් එදා ක්‍රීඩකයින්ට තිබූ බව ඉන් පෙනී යන බවත් එනිසා මෙය අන් ඉකිසිවක් නොව මනුෂ්‍යත්වයේ කතාවක් බවත් අගමැතිතුමා පෙන්වා දුන්නේය.
එදා පැවතියේ අර්ජුනගේ පියා ද ඇමතිවරයෙකු වූ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ජනාධිපති ධූරය දැරූ අපේ ආණ්ඩුවක් වුවද අර්ජුන ලෝක කුසළානය රැගෙන පළමුවම ගියේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත ප්‍රහාරයකින් මරුමුවට පත් වූ ගාමිණී දිසානායක මහතාගේ නිවසට බව සිහිපත් කළ මහින්ද මහතා එයට හේතු වූයේ ලෝක කුසළානය දිනාගැනීමට ගාමිණී දිසානායක මහතා ආරම්භ කළ ක්‍රිකට් පදනම ඉවහල් වීමට ගෞරවයක් වශයෙන් බව ද සිහිපත් කළේය.
එනිසා අප මේ සමරන්නේ ක්‍රිකට් පිටියේ මනුෂ්‍යත්වයේ කතාවට වසර 25ක් සපිරීම බවත් මේ දිනවල පැවැත්වෙන ක්‍රිකට් ප්‍රවීණයන්ගේ තරඟ වලදී අපගේ ප්‍රවීණයන් ජයග්‍රහණ ලබමින් සිටින බවත් එම ජයග්‍රහණයන්ගේ රහස ක්‍රිකට් ක්‍රීඩාවේ පහසුකම් හෝ මුදල් නොවන බව තමන් විශ්වාස කරන බවත් ඔහු පවසා සිටියේය.
අතීතයේ විනයානුකූලව ක්‍රීඩා කිරීමෙන් ලබාගත් පුහුණුව, අතීතයේ ක්‍රීඩකයින් තුළ තිබූ සාමුහිකත්ව හැඟීම ඔවුන්ට ප්‍රවීණයන් වීමට මඟ පෑදූ බව මෙන්ම ලෝක කුසළාණය දිනා ගැනීමට ද පාදක වූයේ එම කරුණු බවට තමන් විශ්වාස කරණ බව අගමැතිතුමා අවසාන වශයෙන් ප්‍රකාශ කර සිටියේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...