දේශීය පුවත්

සිංහරාජ වන රක්ෂිතය ආශ්‍රිත මාණික්කවත්ත – බෝටියතැන්න ප්‍රදේශයේ අවසර දී ඇත්තේ නිවාස ඉදි කිරීම සඳහා පමණක් බවත් එම ප්‍රදේශයේ හෝටල් ඉදිකිරීමට කටයුතු කළහොත් එහි ඉදිකිරීම් සඳහා ලබා දී ඇති අවසරය අත්හිටුවීමට පියවර ගන්නා බවත් කලාවන ප්‍රදේශිය සභාවේ සභාපති චමින්ද ඉන්ද්‍රප්‍රිය මහතා සඳහන් කර සිටියි.

ඒ අනුව භාග්‍යා අබේරත්න තරුණිය විසින් හෙළිදරව් කරන ලද සිංහරාජ වන විනාශයට හේතුවූ හෝටලයේ ඉදි කිරීම් වහාම අත්හිටුවන ලෙස කලවාන ප්‍රාදේශිය සභාව දැනුම් දී තිබේ.

මේ අතර සිංහරාජ ලෝක උරුම වනාන්තරයේ ආරක්ෂාව තහවුරු කරමින් වනාන්තරය අවට ඇති ඉඩම් හෙක්ටෙයාර් 400ක් කඩිනමින් පවරා ගැනීමට තීන්දු කළ බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත එදිරිසිංහ මහතා ප්‍රකාශයක් නිකුත් කරමින් පවසයි.

මෙම ඉඩම්වල වන ගහනය පැවතිය ද ඒවා පෞද්ගලික ඉඩම් හේතුවෙන් වන සංරක්ෂණ ආඥා පනත අනුව ඒවායේ සිදුවන වන විනාශයන් වැළැක්වීමට දෙපාර්තමේන්තුවට ප්‍රතිපාදන නොමැති බවද ඒ මහතා සඳහන් කළේය.

මීට පෙර මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා විසින් පවසා සිටියේ 2004 වසරේ සිට මෙම ඉඩම් සිංහරාජ වනාන්තරයට පවරා ගැනීම සඳහා ගැසට් පත්‍රයක් ඉදිරිපත්ව තිබුණත් පහළ මට්ටමේ සිටින නිලධාරීන් නිසා එම සීමා නිර්ණය ක්‍රියාවලිය මන්දගාමීව තිබූ බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More