එක් පැත්තකින් සහල් වලට යථාර්තවාදී නොවන පාලන මිළක් නියම කර සමස්ථ සහල් වෙළෙඳ පොළම අවුල් කරන තත්වයක් යටතේ සහල් ආනයනය කොට වෙළෙඳ පොළ තව දුරටත් විනාශ කළ හොත් සමස්ථ කුඩා වී මෝල් පද්ධතියම වැසී යන තත්වයක් උදාවන බව සමස්ථ ලංකා කුඩා වී මෝල් හිමියන්ගේ සංගමය පවසයි.
මහා පරිමාණ වී මෝල් හිමියන් මට්ටු කිරීමට යැයි පවසමින් සහල් මිළ අනවශ්‍යය ලෙස පාලනය කිරීම මගින් සිදු වන්නේ හුස්ම හිර වන්නේ කුඩා මෝල් හිමියන්ගේ සහ වී ගොවීන්ගේ බව එම සංගමය පවසයි.
කුඩා වී මෝල් පද්ධතිය වැසී ගිය විට මහා මහා පරිමාණ වී මෝල් හිමියන් තව දුරටත් බලවත් වන බවද ඔවුහු අවධාරණය කරති.
මේ අතර සහල් ආනයනය කිරීම මගින් මෙට්‍රික් ටොන් එකකට ඩොලර් සියයක පමණ මුදලක් කොමිස් වශයෙන් ලැබෙන බවට මීට පෙර සහල් ආනයනය කළ ඇමතිවරුන් හට චෝදනා එල්ල විය.ඒ අනුව සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කළ හොත් ඊට දායක වූ බලවතුන්ට රුපියල් මිලියන 2000ක කොමිස් මුදලක් ලැබෙන බව චෝදනා එල්ල වෙමින් පවතී.
මේ ආකාරයට පාරිභෝගිකයාට සහන දෙන බව කියමින් ගොවියා සහ කුඩා සහල් මෝල් හිමියා ඇතුළු සහල් කර්මාන්තයේ නියැලෙන පවුල් ලක්ෂ 15ක ඡන්ද ලක්ෂ 30ක් රජයට අහිමිකිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...