දේශීය පුවත්

පසුගියදා පාස්කු කොමිසම වාර්තාවෙන්, ශ්‍රී ලංකාව ඉස්ලාම් කිරීමට කුමන්ත්‍රණය කල බවට චෝදනා එල්ලවූ පසුගියදා අත්අඩංගුවට ගත් ජමාතේ ඉස්ලාම් අන්තවාදී සංවිධානයේ හිටපු නායක හජ්ජුල් අක්බර් මීට ඉහතදී අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහුව බේරා ගැනීම සඳහා මුජුබර් රහුමාන් දැඩි පරිශ්‍රමයක් යොදා ඇති බව පැරණි පාර්ලිමේන්තු වාර්තා දෙස් දෙයි.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් හජ්ජුල් අක්බර් 2019 වසරේ ඔක්තෝබර් 25 දින මාවනැල්ලේදී අත්අඩංගුවට ගනු ලැබිණි.

ඔහුගේ අත් අඩංගුවෙන් දින කිහිපයකට පසු එවකට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු ලෙස කටයුතු කල දැන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් විසින් හජ්ජුල් අක්බර් අහිංසකයෙකු බව පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරන ලදි.

එහිදී හජ්ජුල් අක්බර් බේරුවල නලීමියා විශ්වවිද්‍යාලයේ ඉස්ලාම් නීතිය පිළිබඳව උපාධියක් ලැබූ විද්වතෙක් බව එම ප්‍රකාශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් අවධාරණය කිරීමට කටයුතු කළේය.නමුත් මේ වන විට පාස්කු කොමිසම විසින් “ජමාත්තේ ඉස්ලාමි” සංවිධානය අන්තවාදී සංවිධානයක් ලෙස නම් කිරීමට කටයුතු කර ඇත.

කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් හජ්ජුල් අක්බාර් නැමැත්තාව පර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන්ගේ ප්‍රකාශයෙන් පසුව කොන්දේසි විරහිතව නිදහස් කිරීමට කටයුතු කරන ලදි.

පාස්කු ප්‍රහාරය පිළිබඳව පරීක්ෂණ කිරීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ 270 වන පිටුව හජ්ජුල් අක්බර් පිළිබඳව ලබා දී ඇති නිර්දේශය වන්නේ
“හජ්ජුල් අක්බර් යනු ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය අන්තවාදයේ ප්‍රධාන මතවාදීන්ගෙන් කෙනකු බව පරීක්ෂණ කොමිෂන් සභාවෙහි මතයයි. ඔහු ආගමික වෛරය සහ නොඉවසීම ප්‍රවර්ධනය කර ඇති අතර ශ්‍රී ලංකාවේ ෂරීයා නීතිය ක්‍රියාත්මක කිරීම සහ ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය රාජ්‍යයක් පිහිටුවීම සඳහා කටයුතු කිරීමට මුස්ලිම්වරුන් පොළඹවා ඇත. ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය රාජ්‍යයක් පිහිටුවීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අපරාධ නඩු පැවරීම නීතිපතිවරයා විසින් සලකා බැලිය යුතු බවට පරීක්ෂණ කොමිෂන් සභාව නිර්දේශ කරයි.” යන්නයි.

මුජුබර් රහුමාන් හජ්ජුල් අක්බර් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ කෑ මොර දුන් අවස්ථාව…

 

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More