මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය යටතේ වැඩ ආරම්භකර ඇති ඉහළ ඇලහැර ව්‍යාපෘතිය සඳහා යන්ත්‍රෝපකරණ රැගෙන යෑමට පාලමක් සහ නව මාර්ගයක් ඉදිකිරීමට යෑමේදී වටිනා ගස් 3,600කට අධික ප්‍රමාණයක් කපා දැමීමට ලැයිස්තුගතකර තිබුණි.
ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දියබෙදුම කෝඳුරුවාව ප්‍රදේශයේ දැවැන්ත යන්ත්‍රෝපකරණ භාවිත කරමින් සිදුකෙරුණු කැළෑ කැපීමක් පිළිබඳව අද දෙරණ පෙරේදා (16) දින රට හමුවේ අනාවරණය කිරීමෙන් අනතුරුව මෙම වැඩසටහනේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් ඊයේ (17) දින එම ස්ථානයේ නිරීක්ෂණයක නිරතවිය.
“පාලම ඉදිකරන භූමියේ දැනට පවතිනවා අධි බලැති විදුලි රැහැන් පද්ධතියක් වොට් 33,000 ක. ඒ වගේ විදුලි රැහැන් පද්ධතියක් යනවා නම් ඒකට දෙපැත්තෙන් අඩි 30ක ප්‍රමාණයක් ගස් කපන්න ඕනේ,” යනුවෙන් ව්‍යාපෘති නිලධාරියෙක් සඳහන් කළේය.
මේ අතර පරිසරවේදීන් පෙන්වා දෙන්නේ සංවර්ධන කටයුතු සඳහා වනාන්තර හෙළිකිරීම නිසා ඉදිරියේදී දැවැත්න පරිසර අර්බුද රැසකට මුහුණදීමට සිදුවන බවය.
මෙම ව්‍යාපෘතිය සඳහා විවිධ ප්‍රමාණයේ ශාඛ 3,630 ක් කපා දැමීමට ලැයිස්තුගතකර තිබෙන අතර ඒ අතර වෙලං, වීර, මොර, ඇහැටු සහ බුරුත ඇතුළු ශාඛ ද ඇති බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
“ආණ්ඩුවට අපි කියන්නේ සංවර්ධනය කරන්න. හැබැයි ගස්වලට අත තියන්න එපා” යනුවෙන් හුස්මට ජවයක් සංවිධානයේ කැඳවුම්කරු කවුටාමිණියේ සද්ධානන්ද හිමි පවසති.
මේ සම්බන්ධයෙන් අද පැවැති මාධ්‍ය හමුවකදී පරිසර අමාත්‍යවරාගෙන් මාධ්‍යවේදීන් විමසීමක් කළ අතර එහිදී, “ලොකු සංවර්ධන ව්‍යාපෘතියක් කරනකොට යම් හානියක් සිද්ධ වෙනවා.” පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
මෙවන් පසුබිමක පරිසරවේදීන් පෙන්වාදෙන්නේ සංවර්ධන කටයුතු සඳහා වනාන්තර හෙළි කිරීම නිසා ඉදිරියේදී දැවැත්න පරිසර අර්බුද රැසකට මුහුණදීමට සිදුවන බවය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...