දේශීය පුවත්

ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි සමරු සම්මන්ත්‍රණය අමතමින් හිටපු පාර්ළිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා පවසා සිටියේ එදා ඉන්දියාව මහින්ද හිමි උපන් සිකීමයට කළ දේ ඔවුන් අද ලංකාවට කරමින් සිටින බවයි.

ඔහු මෙසේද පැවසීය;

අපේ ශිෂ්ඨාචාරය ගොඩනැගුනේ වරායවල් නිසා. අද අපිට අපේ වරායවල් අහිමි වේගන යනවා. වරායට වඩා වැදගත් වරායට අනුයුක්ත බිම් කඩ. අපිට නැති වෙන්නේ ත්‍රීකුණාමළ තෙල් ටැංකි විතරක් නෙවෙයි, වරාය පාළනය කරන්න පුළුවන් එයට අනුයුක්ත බිම් කඩ. ඉදිරියේදී කොළඹ වරායත් අපට හිමි වෙනවා. හම්බන්තොට වරාය දැනටමත් අහිමි වෙලා. කන්කසන්තුරේ වරාය අපිට අහිමි වෙන්න ඔන්න මෙන්න කියල තියෙන්නෙ. පැරණි මාතොට අයිනෙ තියෙන ජැටියක් හදාගන්නත් අවසර ඉල්ලනවා.

මහා ශිව රාත්‍රී දිනයට ඉන්දියානු තානපතිවරයා ගිහිල්ල චාරිත්‍රය ඉටු කරන්නේ ආදම්ගේ පාලම පෙනෙන මානයේ. ඒකෙන් පෙන්නුම් කරන්නේ මොකක්ද? මේ බිම්කඩ උඹලට වඩා අයිතියක් අපට තියෙනවා කියන එකයි.

පළාත් සභා තියෙනවද නැත්ද? එය කොතරම් දුරට ක්‍රියාත්මක කරනවද නැත්ද යන්න තීරණය කළයුත්තේ අපේ රටයි. ඒක ඉන්දියානු තානාපතිට අයිති කාර්යයක් නොවේඅ.

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය කොල්ලුපිටියේ තිබුනට ඔවුන්ගේ නියෝජ්‍ය කොමසාරිස් කාර්යයාල යාපනයේ, නුවර සහ ලඟදි තව එකක් ප්ටන්ගත්තා දකුණෙ.

එට්කා ගිවිසුම ගැන එකොලොස් වතාවක් සාකච්ඡා කළ බව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යයාලය පවසනවා.

අපේ රටේ ජාතික කොඩිය පාපිස්සට දාල නතර වෙන එකක් නැහැ. එක පැත්තකින් චීනය, අනික් පැත්තෙන් ඉන්දියාව සහ ඇමරිකාව එකතු වෙලා ණය හරහා විවිධ ගිවිසුම් හරහා දැන් මුලු රටම පාපිස්සක් කරගන්නයි හදන්නේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More