දේශීය පුවත්

2015-1-15 සිට 2018-12-31 දක්වා කාලය තුළ රාජ්‍ය ආයතන වල සිදුව ඇතැයි කියන දූෂණ හා වංචා සොයා බැලීමට වත්මන් ජනපතිවරයා විසින් විශේෂ ජනාධිපති කොමිසමක් පත් කරන ලදී.

එම කොමිසම විසින් පසුගිය යහපාලන ආණ්ඩු සමයේ දැඩි මතභේදයට තුඩුදුන් දුමින්ද දිසානායක මහතා අමාත්‍ය ධූරය දැරූ කෘෂිකර්ම අමාත්‍යාංශයට රාජගිරියේ පිහිටි ඩී.පී.ජේ ජයසිංහ ගොඩනැගිල්ල කුලියට ගැනීමට වැය කළ රුපියල් මිලියන 1369.7 ක මුදලක් සම්බන්ධයෙන් වන සිද්ධිය ඇතුළුව දූෂිත සිද්ධීන් 15 ක් පිළිබඳව සිය නිර්දේශයන් ලබා දී තිබේ.

“සබීතාපාය”ගොඩනැගිල්ලේ සිද්ධිය ලෙස වඩාත් ප්‍රකට වූ මෙම ගනුදෙනුවේ සිදුව ඇති වංචා, දූෂණ හා අක්‍රමිකතා පිළිබඳව වූ පැමිණිල්ල මෙම ජනපති කොමිසම විසින් විභාග කිරීමෙන් අනතුරුව දුමින්ද දිසානායක රාජ්‍ය අමාත්‍යවරයාට අමතරව මෙම ගනුදෙනුව සිදුවන අවස්ථාවේ අග්‍රාමාත්‍ය ධුරය දැරූ රනිල් වික්‍රමසිංහ මහතාවද කොමිසම විසින් චූදිතයෙකු ලෙස නම් කොට මෙම නිර්දේශය ලබාදී තිබේ.

මේ වන විට එළි දැක ඇති එම කොමිසම් වාර්තාවෙන් චූදිතයන් ලෙස නම් කොට තිබෙන දේශපාලනඥයින් අතුරින් වත්මන් ආණ්ඩුව නියෝජනය කරන එකම දේශපාලනඥයා වන්නේ දුමින්ද දිසානායක රාජ්‍ය අමාත්‍යවරයා පමණක් වීම ද විශේෂත්වයකි.

වත්මන් ආණ්ඩුව එදා ඒකාබද්ධ විපක්ෂයේ සිටිද්දී කෘෂිකර්ම අමාත්‍යාංශයේ මෙම ගනුදෙනුව පිළිබඳව දැඩි විවේචන එල්ල කළ අතර එවකට කෘෂිකර්ම අමාත්‍ය ධූරය දැරූ දුමින්ද දිසානායක මහතාට ද චෝදනා එල්ල කරන ලදී.

එදා එසේ චෝදනා එල්ල වූ දුමින්ද දිසානායක මහතා අද වත්මන් පොදුජන පෙරමුණ ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරයි.

මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායකවරයා ලෙස කටයුතු කරන දුමින්ද දිසානායක රාජ්‍ය අමාත්‍යවරයා සෘජුවම පොදු ජන පෙරමුණට සම්බන්ධ වීමට සූදානමින් සිටින බවට ද කට කතාවක් පැතිර යමින් තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More