පුරවැසි කොලම

1978 හඳුන්වාදුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යටතේ ඇතිකළ “විධායක බලතල සහිත” ජනාධිපති ධූරය සදහා පළමු ජනාධිපතිවරණ ජන්ද විමසිම පැවැත්වුයේ 1982 දීය, ශ්‍රී.ල.නි.ප.ය දුර්වල කොට මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කොට පැවැත්වු එම මැතිවරණයෙන් 52.91% ලබාගත් ජේ.ආර්.ජයවර්ධන ජනපති විය. විපක්ෂය දුර්වල කොට,බේද භින්න කොට ලබාගත් එම මැතිවරණයෙන් පසු ,පසු කාලීන අර්බුධ රැසකටම මග පැදු, මහ මැතිවරණය නොපැවැත්විම ,ලාම්පු – කළගෙඩි සෙල්ලම නොහොත් ජනමතවිචාරණ ප්‍රෝඩාව,
දේශපාලන පක්ෂ තහනම් කිරිම , ඊලාම් බෙදුම්වාදි යුද්ධයට ගුණාත්මක වරධනයකට පාර කැපූ 1983 කළු ජූලීය නිර්මාණය කිරිම, ඉන්දුලංකා ගිවිසුම ගැසීම, අදටත් ගොඩ ඒමට නොහැකි ලෙස පළාත් සභා ඇටවිම, ශිෂ්‍ය මර්ධනය, මාධය මර්ධනය, ජන ඝාතන, තරුණ සංහාර ඇතිවි ආණ්ඩු වෙනසකට අවශ්‍ය පසුබිම සැකසි තිබුණි.

නමුත් සිදුවූයේ කුමක්ද?

1988 ජනාධිපතිවරණය පුද්ගල බල පෙරේතකම රටක් වැනසු අයුරු….!
ජනාධිපතිවරණයේදී එ.ජා.ප.ය අසීරු සම්ප්‍රදායික නොවන තීන්දුවක් ගත්තේය. එනම් බලය රැක ගැනිමට හැකිනම් හොඳම අපේක්ෂකයා ඉදිරිපත් කිරීමත්, පරාජය වුවහොත් පක්ෂය රැකගැනිමත්‍ය, ඒ අනුව ආර්.ප්‍රේමදාස අපේක්ෂකයා විය, පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරිම සඳහා කැඳවා තිබූ රොස්මිඩ් සාකව්චා ආසාර්තකවී, එනම් ජ.වි.පෙ. යෝජනා කල දේශප්‍ර්රමි එක්සත් පෙරමුණක් ගොඩ නැගිමේ යෝජනාවට අනුර බණ්ඩාරනායකගේ බල තන්හාව සහ අධිතක්සේරුව නිසා එකග නොවිම හේතුවෙන් ජවිපෙ නියෝජිතයින් සාකච්ඡා මේසයෙන් නැගිට ගියහ. අවසානයෙදී ශ්‍රී.ල.නි.ප. ප්‍රමුඛ තවත් පක්ෂ කිහිපයක අපේක්ෂකයා ලෙස සිරිමා බණ්ඩාරනායක මැතිනය ඉදිරිපත්විය, මහජන පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඔසී අබේගුණසේකර ඉදිරිපත්විය . ජවිපේ ඡන්ද වර්ජනය කරන ලදි, ආණ්ඩුවේ මැර බලය මහ දවල් සිදුවිය, එක අතකින් වාම වාදි ප්‍රගතිශීලී ජනයාට ජන්දය දැමිමට ජන්ද පොලට යාමේ ඉඩකඩ ඇහිරිණි.අනෙක් අතින් ඕසී අබේගුණසේකර මැතිනියට එරෙහි මැතිවරණ ව්‍යාපාරයකම නියැළිණි ඉතිහාසයට කළුපැල්ලම් එක්කල ජන්ද මගඩිද සිදුවිය.අවසන් ප්‍රතිපලය ආර්.ප්‍රේමදාස මහතා ජන්ද 50.43% ද, සිරිමා බණ්ඩාරනායක මැතිණිය ජන්ද 44.95% ක්ද, ඕසී අබේගුණසේකර 4.63% ක්ද ලබා ගත් අතර ආර්.ප්‍රේමදාස මහතා ඉතා සුළු ජන්ද ප්‍රමාණයකින් ජයග්‍රහණය කරන ලදි. ජවිපේ ඇතුළු සංවිධාන සංහාරය විය,අනුර බණ්ඩාර නායකට නායකයෙකු විමට තිබූ ඉඩ එතැනින්ම නිමා විය, රට මහත් විනාශකාරී අත් දැකිම් ඇතිවිය ,කොටින්ට ආයුධ දිම,පොලිස් නිලධාරින් 600 පන පිටින් වැලලිම, 60000 ජන සංහාරය ඉන් එකක් දෙකක් පමණි. ලබා ගතහැකිව තිබූ ජයග්‍රහණය අහිමි කරගත් පසු රටට සහ ජනතාවට ලැබෙන විනාශයන් අමුතුවෙන් කිවයුතු නැත.

2005 ජනපතිවරණ සටන ඇරඹෙයි..
පුද්ගල බල කේන්ද්‍රීය දේශපාලනය රටේ ජයග්‍රහණ දක්වා පරිවර්තනය කිරීමේ ආදර්ශය.. අත්දැකිම්..

එජාප ආණ්ඩුව සටන් විරාම ගිවිසුම් ගැසිම කොටි සමග අන්තර් ස්වයංපාලන ක්‍රම යෝජනා විම, කොටි සංවිධානය ගුවනින්,මුහුදෙන්,ගොඩබිමින් සටනට අවතීර්ණය විම ,නෝර්වේ ජපානයේ සහ තවත් බටහිර රටවල් ඊලාම් ආණ්ඩුවක් බිහිකිරිම සදහා සහාය ලබාදීම,සන්නිවේදන කටයුතු පුළුල් කිරිම,උසාවි, පොලීසි,බැංකු ,ඊලාම් මුද්දර, නිකුත් කිරිම වැනි බහු විධ ප්‍රවේශයන් ඔස්සේ ඊලම ජයග්‍රහණය පෙනෙන මානයකටම රැගෙන එමින් තිබුණි, එයට එරෙහිව පැවති ආණ්ඩුව අවසන් කිරිම සදහා ශ්‍රී.ල.නි.ප. ය හා ජවිපේ අතර 2004 සංධානයක් ඇතිවිය ඒ එක්සත් ජනතා නිදහස් සංධානයයි, එය 2004 මහමැතිවරණය ජයග්‍රහණය කල අතර 2005 ජනාධිපතිවරණයට අපේක්ෂකයා ලෙස නම් කිහිපයක් යෝජනා විය. ඒ අතර මහින්ද රාජපක්ෂ මහතා අපේක්ෂකයා කිරිමට චන්ද්‍රිකා මැතිනියට සිදුවිය, එජාප අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතාය, මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ජවිපේ සටන තම උර මතපැවරුණු වග කිමක් ලෙස කරට ගත්තේය, ශ්‍රී.ල.නි.ප. මූලස්ථානයෙන් පවා සැලකියයුතු සහායක් ලැබුනේ නැත, රට පුරා ජනහමු සංවිධානය විය. ජවිපෙ නායකයින් රැස්ව සිටි ජනතාවට ජනපතිවරණ මැතිවරණය තේමාව කදිමට පැහැදිලි කලහ, විශේෂයෙන් විමල් වීරවංශගේ කතා ඇසීමට ජනතාව එක් රොක් විය,ඔහු රනිල් වික්‍රමසිංහ කදවුරේ බල කොටු සුණුවිසුණු කල නායකයා විය, ගම් මට්ටමෙ සමහර ශ්‍රි.ල.නි.ප නායකයින්ගේ නිද්‍රාශීලිත්වය දුරු කළේද ජවිපෙ විසිනි දැන් මහින්ද මහත්තයාගෙ ගුණ වයන්නන් එදා සිටියේ වික්‍රමසිංහගේ කරට අත දාගෙනය, ඉන්දියාවට සහ බටහිරට අවශ්‍ය වූයේ වික්‍රමසිංහයන් දිනවිමටය, මහින්ද රාජපක්ෂයන් දිනවන අවසන් රැළි 5 තිබුනේ මොණරාගල,තංගල්ල,මාතර, කළුතර කොළඹය අවසන් ප්‍රචාරක රැලි සදහා මහින්ද රාජපක්ෂ මැතිතුමාට සහභාගී නොවන ලෙස ආරක්ෂක උපදෙස් ලැබී තිබුණු නිසා විමල් එම අඩුව පුරවනු ලැබිණ, රැස්විම් වලින් පිටත ට එන සෙනඟ කිවේ විමල්ට අගමැතිකම දෙන්න ඔනා කියාය, එතරම්ම විමල් ජන.ආකර්ෂණය දිනාගන්නාලදි, ජවිපෙ සමහරුන්ගේ උදහසට විමල් ලක්වන්නේත් මෙතැන් සිටය.
අපේ රටේ පස්වන ජනපතිවරණ ප්‍රථිපල මේසේය…

මහින්ද රාජපක්ෂ 50.29%
රනිල් වික්‍රමසිංහ 48.43%

වැඩි ජන්ද 147000 කින් පමණ එනම් ඉන් අඩක් 75000 ක් පමණ අනෙක් අපේක්ෂකයා ලබාගත්තානම් මහින්ද රාජපක්ෂ මහතාට පරාජය අත්විදින්නට සිදුවනවා ඇත විමල් මොනාද කලේ කියන මහත්තුරුන්ට මෙය විමසා බලන ලෙස ඉල්ලමි
ඉන්පසු 30 අවුරුදු යුද්ධය ජය ගැනිමට හැකිවිමම නොතිබුණු ජයග්‍රහණයක් වෙහෙස කර මැදිහත් විමකින් රට ගැන හිතා නිමවිමෙන් රටකට ලබාගත හැකි විපුල පල වලට කදිම ෂාක්සියකි,

පවාදිම්,පලායම්,විදේශ බලහත්කාරය සහ උද්දච්ච් කුකුච්ච් 2015 ජනවාරි අට,

එවකට පැවැති රජයට දුෂණ චෝදනා එල්ලවිය,ප්‍රජාතන්ත්‍ර විරෝධී චෝදනා එල්ලවිය,තම පක්ෂයේ ලේකම්ට යන තැනට වැඩ සිද්දවිය ජනාධිපතිවරු දෙදෙනෙක් විය අයියා සහ මල්ලී ලෙස ,මල්වානේ අයිතිකාරයෝ නැති ඉඩම් මතුවිය පක්ෂය තුල පිරිසක්එ සිරීසේන මහතා ස්මග මාරු පහ ගසන ලදි ආර්තීක සංවරධනය ඇමති ඔක්කොම බදාගෙන වෙනම ආධ්පත්‍යක් සදහා කටයුතු කරමින් සිටියහ, ජවිපේ අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකර අප්‍රකාශිත නිතරග ගිවිසුමකට බැදුණි සාධාරණ සමාජය ,විධායක අහොසි කතා ඉන්දියන් තානාපති කාර්‍යාලා කිටි කිටියේ වැඩට බසින ලදි, සල්ලි ගස් හෙල්ලෙන්නට විය, අවසන් ප්‍රථිපලය

එම්.සිරිසේන මහතා 51.28%
මහින්ද රාජපක්ෂ මහතා 47.58%
වැඩි ජන්දනම් ලක්ෂ 5 ක් නමුත් තව ජන්ද ලක්ෂ 2.5 ක් වෙනස්විමට කටයුතු සිදු වුනානම් තත්වය කෙබඳුද?

මේ මොහොතෙත් ගල් ලෙන් බිඳින්න දෙන්නෙ නැති කතායි එයා තමයි මහ මොළකරු එයා තමයි සුදුසු වැනි කතායි,කප්පරක් තර්ක විතර්ක ඇසේ, සමහර දේශපාලන නොදරුවන් නින්දෙන් නැගිටලා කබ කඩ කඩ මොන මොනවදෝ දොඩවන හැටි පෙනෙයි තව සමහරකට කැබිනට් ඇමතිකම් ලබා දෙනව යැයි කියා අන්දවා ඇත, අසවලා තමයි ජනපති යැයි නාම ගන්වා ඇත, ආර්ථිකය ගොඩ දැමිමට ඇමතිවරු එක්කෙනෙක් දෙන්නෙක් හැර වැඩ නොකරයි, අර්බුදයෙන් ගොඩ ඒමට,බිද වැටෙමින් පවතින රට යතාවත් කිරිමට කාර්‍ය සාධන බලකා නැත, මධ්‍යගත මෙහෙයවිමක් නැත, එකිනෙකා දෙස සැකෙන් බැලීමට පුරුදු කර ඇත, සීනී බදු මුදල් වාසීගත් ජවාරමුන් එක්කෙනෙක් දෙන්නෙක් ඒවාට හිලව්වට ජනපතිවරණයකදි වෙන්ඩ ජනපතිලාට උදව් කිරිමට බැරි නැත. ඇත්ත පාස්කු චූදිතයන් රකින ගමන් කිසිදු සම්බන්ධයක් නැති ජාතික සංවිධාන තහනම් කිරිමේ ප්‍රයත්නයක් ගැනිමේ උත්සාහය බැහැර කල නොහැක.1983 ජූලී කල බල වලට යැයි කියමින් පක්ෂය හා අනුබද්ධ සංවිධාන තහනම් කල රටක් බැවිණි,
අවසන් වසයෙන් එකක් කියමි දේශපලනය යනු නිතරම වෙනස්වන දෙයකි,සමහරු න්‍යාය පත්‍ර හදනවා ඒවා ඒ ලෙසම සිදු නොවේ අතීතය දෙස බලා පාඩම් ඉගෙන ගන්න, හැබැයි‍ රකින්න තැබු බිත්තර පුපුරන්න කලින් කුකුල් පැටව් ගණන් කරන්න එපා !!!!!!
කරුණාතිලක හේරත් .



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More