නිදහසින් පසු අප රටේ ආණ්ඩු පෙරළි 10ක් සිදුවූ බවත් ඒ අතරින්; 1956 බණ්ඩාරනායක යුග පෙරළිය සහ 1977 ජේ.ආර්.ජයවර්ධන යුග පෙරළීන්, කුමන විවෙචන තිබුන ද සුවිශේෂී වන බව ද කොළඹ හයිඩ් පිටියේදී සමගි ජන බලවේගය පළමු සංවත්සරය අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කර සිටියේය.
1956 බණ්ඩාරනායක මහතාගේ නායකත්වයෙන් ප්‍රභූන් වෙනුවට ස්වභාෂාව කතාකරන නිර් ප්‍රභූන් පිරිසක් දේශපාලනයට ගෙන ඒමට ඉන් හැකියාවක් ලැබුනු බවත් 1977 ජේ.ආර්.ජයවර්ධන යුග පෙරළිය ආපසු හැරවිය නොහැකි යුග පෙරළියක් බවත් ඔහු පවසයි.
ඒ සඳහා එකතු කළ හැකි සියලු බළවේග එකතු කරගෙන අලුතෙන් හිතන, අලුතෙන් ගමන් කරණ ඒ වගේම හැකියාව, දක්ෂතාවයට මුල්තැන දෙන මහා බළයක් බවට මේ බළවේගය පත්කර එකට සිටගෙන ජයග්‍රහණය කරා යෑමට අදිටන් කරගන්නා මෙන් සියලු දෙනාටම ආරාධනා කරණ බව ද අවසන් වශයෙන් ඔහු පවසා සිටියේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...