“නීතිය” විෂයක් ලෙස පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීම සදහා උචිත ක්‍රමවේදයක් සකස් කිරීමට පාර්ලිමේන්තු අනු කාරක සභාවක් පත්කිරීම; අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාගේ හා අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ එම අමාත්‍යාංශවල ඒකාබද්ධ උපදේශක කාරක සභා විශේෂ රැස්වීමේදී සිදුවිය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවුෆ් හකීම්, සිවඥානම් ශ්‍රීධරන්, වීරසුමන වීරසිංහ, සාගර කාරියවසම්, අමරකීර්ති අතුකෝරළ, ඩයනා ගමගේ, (මේජර්) සුදර්ශන දෙනිපිටිය යන සාමාජිකයන් 8 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති අතර එහි ලේකම් ලෙස පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් ටිකිරි කේ. ජයතිලක මහතා කටයුතු කරනු ඇත.
මෙහිදී අදහස් දක්වමින් ගරු අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසා සිටියේ නීතිය පිළිබඳ මහජනතාව සතු දැනුම ඉතා පහළ මට්ටමක පවතින බැවින් නීතිය සම්බන්ධ මූලික අවබෝධයක් මෙරට දරුවන්ට ලබා දීම ඉතාමත් වැදගත් බවයි. ලොව දියුණු රාජ්‍යයන්හි මුලික නීතිය පිළිබඳව පුරවැසි අධ්‍යාපනයක් ලබා දීමට කටයුතු කර ඇති බවත්, නීතිය පිළිබඳ දැනුම පාසැල් විෂය මාලාවට එක්කිරීම කාලීන අවශ්‍යතාවයක් බවත් අධිකරණ අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර තිබුණි.
පාසැල් විෂය මාලාවට නීති විෂය එක්කිරීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් පත්කළ මෙම මූලික කමිටුවේ යෝජනා ඇතුළත් වාර්තාව මාස දෙකක කාලයක් තුළ ලබාදෙන ලෙස මෙහිදී අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා කමිටු සාමාජිකයන්ට උපදෙස් ලබා දුන්නේය. ඉන් අනතුරුව විශේෂඥ කමිටුවක නිර්දේශ මත නීතිය, විෂය මාලාවට කඩිනමින් ඇතුළත් කිරීමට කටයුතු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...