කොළඹදී පැවැති මාධ්‍යය සාකච්ඡාවක් අමතමින් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේ ඉදිරියේ පැමිණෙන උත්සව සමයේ අවශ්‍ය වුවහොත් සංචරණ සීමා පැනවීමට කටයුතු කරන බවයි.
එහිදී යුද හමුදාපතිවරයා පවසා සිටියේ පසුගිය නත්තල් උත්සව සමයෙන් පසු මෙරට කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය ඉහළයෑම අධ්‍යයනය මගින් තහවුරු වූයේ එවැනි කලසීමාවන් තුළ ජනතාව සෞඛ්‍ය උපදෙස් නිසිපරිදි පිළිනොපදින බවට තහවුරු වූ බවයි.
මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදුන් යුද හමුදාපතිවරයා
“පසුගිය දෙසැම්බර් නත්තල් නිවාඩුව සහ ඉන් පසුව තිබූ දීර්ඝ නිවාඩුවෙන් පස්සේ වැඩිම කොවිඩ් ආසාදිතයින් හමුවුණේ මේ වර්ෂයේ ජනවාරි පෙබරවාරි මාසවල. අපි සාම්ප්‍රදායිකව සමරණ ආකාරයට උත්සව සමරන්න ගියොත් යම්කිසි වෙනසක් ඇතිවෙන්නත් හැකියාවක් තිබෙනවා.”
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ යුද හමුදාපතිවරයා පැවසුවේ නිරෝධායනය සඳහා පනවා ඇති මාර්ගෝපදේශයන්ගේද වෙනසක් ඉදිරි දින කිහිපය තුළ සිදුවනු ඇති බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...