දේශීය පුවත්

ගුවන් තොටුපළවල ජනතාවට හිංසාකාරී අන්දමින් හැසිරෙන විවිධ වංචනික කටයුතු වල යෙදෙන තැරැව්කරුවන්ට විරුද්ධව රුපියල් 25,000ක ඳඩ මුදලක් හෝ මාස 10ක සිරඬුවමකට යටත් කරන බව සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

යම් අවස්ථාවක මේ දඬුවම් දෙකම එකවර ක්‍රියාත්මක කළ හැකි බවද ඇමතිවරයා කීය.මෙම දඬුවම් ක්‍රියාත්මක කිරීම සඳහා නීති ප්‍රතිපාදන ඇතුළත් සිවිල් ගුවන් සේවා (සංශෝධන) පනත් කෙටුම්පත ඊයේ පාර්ලිමේන්තුවේදී සම්මත කෙරිණි.

පනත් කෙටුම්පත දෙවැනිවර කීයවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ නිමල් සිරිපාල ද සිල්වා මහතා විසිනි.

පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙසේද පැවසීය.

‘‘විවිධ තැරැව්කරුවන් විශාල පිරිසක් ගුවන් මගීන්ගේ ඥාතීන් ලෙස පෙනී සිටිමින් ගුවන්තොටුපළේ විවිධ වංචනික වැඩ කටුයුතු වල නිරත වෙනවා. මොවුන් එක්තරා විදිහට ගුවන්තොටුපළ අක්‍රමණය කරපු සංවිධානාත්මක කණ්ඩායමක් . මොවුගේ හැසිරීම ගුවන්තොටුපළේ පරිපාලනයට බාධාවක්.සමහර තැරැව්කරුවන් ගුවන්තොටුපළේ විවිධ අපරාධ පවා කරලා තිබුණා.‘‘



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More