අන්තවාදී සංවිධානයක් විසින් පවත්වාගෙන යන බැංකු ගිණුමකට රුපියල් ලක්‍ෂ 9800 ක (කෝටි 98ක්) මුදලක් බැරවීම සම්බන්ධයෙන් ත‍්‍රස්තවාදී විමර්ශන ඒකකය පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.අදාල බැංකුව පිහිටා ඇත්තේ ති‍්‍රකුණාමලය නගරයේ බවද එම වාර්තා තවදුරටත් පවසා සිටී.
එම වාර්තා වැඩිදුරටත් පවසන්නේ මුස්ලිම් බැංකුවේ ඇති අන්තවාදී සංවිධානය විසින් පවත්වාගෙන යන බැංකු ගිණුමට මෙරට මහා පරිමාණ මුස්ලිම් ජාතික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ද රුපියල් ලක්‍ෂ ගණනින් මුදල් බැරකර ඇති බවයි.
පසුගියදා පානදුර කෙසෙල්වත්ත ප‍්‍රදේශයේ මුස්ලිම් ජාතික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු පෑලියගොඩ කොට්ඨාස අපරාධ මෙහෙයුම් ඒකකය මගින් අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ තමන් උපයන මුදල් වලින් කොටසක් මෙම බැංකුවේ ඇති අන්තවාදී සංවිධානයේ ගිණුම වෙත බැර කරන බවයි.
2013 වර්ෂයේ සිටම මෙම අන්තවාදී සංවිධානයට අයත් ගිණුම පවත්වාගෙන යන අතර ඊට මුදල් බැරවූ ආකාරය සොයා පොලිසිය විශේෂ පරීක්‍ෂණයක් ආරම්භ කර තිබෙන බවද වාර්තාවේ.
පානදුර,කෙසෙල්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් අදාළ මුස්ලිම් ජාතික මත්ද්‍රව්‍යය ජාවාරම්කාර සැකකරු පෑලියගොඩ කොට්ඨාස අපරාධ මෙහෙයුම් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ත‍්‍රස්තවාදී විමර්ශන ඒකකය වෙත ඊයේ (15 දා) භාර දුන් බවද වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...