දේශීය පුවත්

ජනපති ඉරානයට යයි

May 12, 2018 10:17 am | Lanka Lead News

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සහ වෙළෙඳ සබඳතා ශක්තිමත් කරගැනීමේ අරමුණින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා ඊයේ ඉරානය බලා පිටත්ව ගියේය.

ඉරාන ජනාධිපති හසන් රූහානි මහතාගේ විශේෂ නිල ආරාධනයකට අනුව මේ සංචාරයට එක්වන ජනාධිපතිවරයා ඉරාන – ශ්‍රී ලකා වෙළෙඳ ආර්ථික හා වෙළඳ සබඳතා වැඩිදියුණු කිරීම පිළිබඳව හා ශ්‍රී ලංකාවේ ඉරාන ආයෝජන වැඩිදියුණු කිරීම පිළිබඳවද එහිදී ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ඉරාන ජනාධිපතිවරයා අතර නිල හමුව (13දා) පැවැත්වීමට නියමිතය.

දෙරටේ ආර්ථික හා වෙළෙඳ සබඳතා තර කෙරෙන නව අවබෝධතා ගිවිසුමකට එහිදී අස්සන් කිරීමට නියමිතය.

මෙහිදී ඉරාන වාණිජ මණ්ඩලය සංවිධානය කරන විශේෂ ආයෝජන හා ව්‍යාපාරික සමුළුවකටද එක්වන ජනාධිපතිවරයා ඉරාන පාර්ලිමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමටද නියමිතව ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More