දේශීය පුවත්

පසුගිය 13 වන දින බුර්කාව තහනම් කිරීමේ කැබිනට් පත්‍රිකාවට අත්සන් කළ බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කර තිබුන ද විදේශ අමාත්‍යාංශය අද (16) දින දාතමින් පහත පළවන මාධ්‍ය ප්‍රකාශය නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ බුර්කාව සහ නිකාබය පැළඳීම තහනම් කිරීමේ යෝජනාවක් සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශ පිළිබඳව මෑත කාලීන මාධ්‍ය වාර්තා මගින් ඉස්මතු කර තිබේ.

විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයන්ත කොළඹගේ මහතා පවසා ඇත්තේ එවැනි තහනමක් පැනවීම සඳහා රජය තීරණයක් ගෙන නොමැති බවත්, එය හුදෙක් යෝජනාවක් පමණක් වන අතර, එය දැනට සාකච්ඡාවට භාජනය වෙමින් පවතින බවත්ය. පාස්කු ඉරුදින එල්ලවූ ප්‍රහාරයන් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ (PCol) විමර්ෂනයන්ට අනුව, ජාතික ආරක්ෂක හේතූන් මත අවශ්‍යවන පූර්වාරක්ෂාව, මෙම යෝජනාව සඳහා පදනම් වී තිබේ.

රජය විසින් අදාල පාර්ශවයන් සමඟ පුළුල් සංවාදයක් ආරම්භ කරනු ඇති අතර අවශ්‍ය උපදේශන පැවැත්වීම සහ එකඟතාවයකට පැමිණීම සඳහා ප්‍රමාණවත් කාලයක් වැය කරනු ඇත.

විදේශ අමාත්‍යාංශය
කොළඹ

2021 මාර්තු 16 වැනි දින

මෙහි අවසාන ඡේදයේ දැක්වෙන අදාල පාර්ශවයන්, පුළුල් සංවාදය, අවශ්‍ය උපදේශන පැවැත්වීම සහ එකඟතාවයකට පැමිණීම, ප්‍රමාණවත් කාලය යන්න උභතෝකෝටිකයන් බව පැහැදිළිව පෙනී යන අතර කල් මැරීම පමණක් ඉදියේදී සිදුවන බව මේ පිළිබඳව අප සමග අදහස් දැක්වූ විද්වතුන් කිහිප දෙනෙකුම ප්‍රකාශ කර සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More