වතු කම්කරුවන් සඳහා දෛනික වැටුප් රු. 1000ක් ගෙවන ලෙස ආණ්ඩුව විසින් කළ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා, වතු සමාගම් 20 ක් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර ඇත.
වසර 6ක් තිස්සේ වතු කම්කරුවන් විසින් ගෙන ගිය අරගලයක ප්‍රතිඵලයක් ලෙස, තේ සහ රබර් වතු කම්කරුවන්ගේ දෛනික අවම වැටුප රුපියල් 1000 ක් බවට ආණ්ඩුව විසින් ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කරණ ලදී.
ඊට එරෙහිව අගාරපතන වැවිලි සමාගම , ඇල්පිටිය වැවිලි සමාගම ඇතුළු 20 දෙනෙක් විසින් ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත්තේ කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා , කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රබාත් චන්ද්‍රකීර්ති , තේ කර්මාන්තය පිළිබද පඩිපාලක සභාවේ සභාපතිවරය ඇතුළු 18 දෙනෙකි.
වතු සමාගම් අති විශාල ලාභයක් උපයන නමුත් සිය වාර්ෂික වාර්තාවල ආකාරය සඳහන් කරන තරමට වඩා එය ඉතා ඉහළ අගයකි. ඇතැම් සමාගම් විසින් රුපියල් මිලියන ගණනක් වැටුප් ගෙවමින් වාර්ෂික ගිනුම් වාර්තා වංචනික ලෙස වෙනස් කරමින් අඩු ආදායම් තත්වයක් නිරූපණය කරන බවද ඒ හරහා රජයට හිමි විය යුතු අති විශාල බදු ආදායමක් වංචාකරන බවද නොරහසකි.
වතු කම්කරුවන් වෙනුවෙන් රු. 1000 වැටුපක් දෛනිකව ගෙවිය යුතු බවට නියෝග කිරීමත් සමග ඇතැම් වතු සමාගම් කම්කරුවන්ට දෛනික වැඩ ලබාදීම අත්හිටුවා පළිගැනීම් සිදුකර ඇති බවද අනාවරණය වී තිබේ. මේ ආකාරයට රු. 1000 ගැසට් නිවේදන නිකුත් කළ යුතු වූයේ වතු හිමියන් විසින් සිය සේවක කම්කරුවන්ගේ සාධාරණ ඉල්ලීම පිළි නොගෙන වසර ගණනාවක් කල් ගැනීම නිසාය.
වතු ආර්ථිකයේ අයුතු ලාභ උපයමින් වතු කම්කරු ශ්‍රමයෙන් තරවන වතුහිමියන් හා සමාගම් විසින් සිය සාධාරණ වැටුප් ඉල්ලීම ඉටු නොකරන තත්වයකදී වතු කම්කරුවන්ට ඉතිරි වන්නේ අරගලයෙන්ම ජය්‍රහණ ලබා ගැනීමට බව වතු කම්කරුවෝ පවසති.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...