සම්මත මෙහෙයුම් පටිපාටිය (SOP) මගින් වාහන නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රයේ විශ්වාසයෙන් යුතුව ආයෝජනය කළ හැකි නිශ්චිත රාජ්‍ය ප්‍රතිපත්තිමය රාමුවක් ස්ථිරසාරව සකස් කර දී තිබෙන බව ඊයේ (15) දින කොළඹ ෂැංග්‍රි – ලා හෝටල් පරිශ්‍රයේදී පැවැති එම සම්මත මෙහෙයුම් පටිපාටිය එළිදැක්වීමේ උළෙල අමතමින් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රකාශ කර සිටියේය.
ශ්‍රී ලංකාවේ වාහන නිෂ්පාදනය, වාහන එකලස් කිරීමේ හා වාහන අමතර උපාංග නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටියක් (SOP) ජනගත කිරීමෙන් එම කර්මාන්ත ක්ෂේත්‍රයේ විශ්වාසයෙන් යුතුව ආයෝජනය කළ හැකි නිශ්චිත රාජ්‍ය ප්‍රතිපත්තිමය රාමුවක් සකස් කර දී ඇති බවත් එමගින් මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ නව සන්ධිස්ථානයක් නිර්මාණය වන බවත් ඔහු පෙන්වාදෙයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.
“රාමායනය” තුළ වාල්මිකී “රාවණා” හිමි කර දෙන්නේ අපටයි. එම ඉතිහාස කතාව ප්‍රබන්ධයක් හෝ සත්‍යයක් වුවත් රාවණා සමග දඩුමොණරයකුත් එයට සම්බන්ධ වෙනවා. “දඬුමොණරයකින් අහසින් ගිය” ඉතිහාස කතාවකට උරුමකම් කියන ජාතියක් වන අප වාහන එකලස් කිරීමේ සහ වාහන අමතර උපාංග නිපදවීමේ කර්මාන්තයන්ට අදාළ සම්මත මෙහෙයුම් පටිපාටිය (SOP)’ ජනගත කරන්නේ අද වැනි දිනකයි.
රටට වාහන ආනයනය සඳහා වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 1000 – 1500 අතර ප්‍රමාණයක් වැයවන බවත් කොවිඩ් අර්බුධය හමුවේ රට මුහුණපා ඇති ආර්ථික ගැටළු නිසා වාහන ආනයනය නැවැත්වීමට රජයට සිදු වූ බවත් පැවසූ අගමැති මහින්ද රාජපක්ෂ මහතා එවැනි තත්වයක් යටතේ ශ්‍රී ලංකාවේ වාහන නිෂ්පාදනය, වාහන එකලස් කිරීමේ හා වාහන අමතර උපාංග නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටියක් (SOP) සකසා මෙතරම් ඉක්මනින් ජනගත කිරීම ඉතාම ඉහළින් අගය කරන බව ද වැඩිදුරටත් පවසා සිටියේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...