කොළඹ හයිඩ් පිටියේදී පැවති සමගි ජන බලවේග පළමු සංවත්සර සභාව අමතමින් එහි සභාපති පාර්ළිමේන්තු මන්ත්‍රි සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කර සිටියේ ජනාධිපතිතුමන් ගැන තමන්ට දුක බවත් පිස්සන් සහ ගොන් නාම්බන් ලං කරගෙන රට හදන්න නොහැකි බවත්ය.
ජනාධිපති දකින සිහින සැබෑ කර ගැනීමට නොහැකි බවත් ජනාධිපති වටේ සිටින්නේ නොම්මර එකේ මැස්සන් සහ කුක්කන් ටිකක් බවද ඔහු සඳහන් කළේය.
ජනාධිපතිට රට හැදීමට අවශ්‍ය නම් දක්ෂතාවය ඇති හැකියාව ඇති පිරිසක් තමනට ලංකර ගතයුතු බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
ජනතාවට තුන්වේල කන්න බැරි තත්වයට අද රට පත්ව ඇතැයි ද අද පාලකයන් උත්සාහ කරන්නේ ජනතාවගේ ජීවිතය ගොඩනැඟීම නොව තමන්ගේ ජීවිත ගොඩනඟා ගැනීම බව ද පවසා සිටි ඔහු අද මෙරට මධ්‍යම පන්තියක් නැති බවත් ඇත්තේ 80% ක් පමණ වන දුප්පත් ජනතාවක් බවත් එම පිරිස කෑම සොයාගන්නේ ද ඉතා අසීරුවෙන් බවත් ඔහු පැවසීය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...