පසුගිය සෙනසුරාදා (13) දින සිරස ලක්ෂපති වැඩසටහනට සහභාගී වෙමින් භාග්‍යා අබේරත්න දැරිය; සිංහරාජ අඩවියේ සිදුවන දැවැන්ත, බරපතළ පරිසර විනාශය සම්බන්ධයෙන් නිර්භීතව කළ ප්‍රකාශයෙන් පසුව විවිධ සිදුවීම් ඇතිවූවා මෙන්ම ඒ පිළිබඳව පෘථුල කතාබහක් සියලු මාධ්‍ය තුළ ඇතිවී තිබේ.
ඒ සම්බන්ධයෙන් තමාට සහ තම පවුලේ උදවියට එරෙහිව එල්ලවන සියලු චෝදනා ප්‍රතික්ෂෙප කරණ බව භාග්‍යා අබේරත්න දැරිය පවසයි.
එම දැරියගේ ප්‍රකාශය පිළිබඳව ජාතික භික්ෂු පෙරමුණ මාධ්‍ය සාකච්ඡාවකදී දැක්වූ අදහස් මෙසේය;
එම ප්‍රකාශය පිළිබඳව එම දැරියගෙන් ප්‍රශ්ණ කර ඇයට මානසික පීඩනයක් ඇති කිරීමට තරම් නින්දිත තත්වයකට රජය පත්වේයයි කිසිසේත්ම නොසිතූ බව සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියන්ගල ආනන්ද හිමියන් පවසයි. කඩොළාන සහ පඬු කරඳ ශාඛය පිළිබඳව හඬ නැගූ දේවානි ජයතිලක මහත්මියට විරුද්ධව විනය පරීක්ෂණ තැබීමට පියවර ගෙන ඇති බවත් පරිසර විනාශයන් පිළිබඳව හඬ නඟන තමා ඇතුළු පිරිස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා නිහඬ කිරීමට උත්සාහ දරණ බව ද උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියහ.
මේසා වේගයෙන් එම දැරියගෙන් ප්‍රකාශ ලබාගැනීමට ඉදිරිපත් වූ පොලීසිය රට තුළ අතිශය බරපතළ පරිසර විනාශයන් සිදුවෙත්දී කිසිවක් නොදන්නා ගානට සිටීම පිටුපස ඇති රහස කුමක්දැයි ප්‍රශ්ණ කර සිටින ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් වකමුල්ලේ උදිත හිමියන් ජනාධිපතිතුමා ඇතුළු රජය සහ වගකිවයුතු ඉහළ නිළධාරීන් සියලු දෙනා එම දැරියගෙන් සමාව ගතයුතු බවත් සියලු දෙනා එකතුවී එම දැරිය ප්‍රකාශ කළදේ ඇත්තක්දැයි සොයා බැළිය යුතු බවත් ප්‍රකාශ කර සිටියහ.
ගාල්ලේ රූමස්සල සිදුවන දැවැන්ත වන විනාශයට එරෙහිව එළඹෙන 20වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණය පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාව දැනුවත් කළ අයගේ සහෝදරයා වන සාරංගට පහර දීම නිසා අද ඔහු ගාල්ල කරාපිටිය රෝහලේ 58 වාට්ටුවේ 12 වන ඇඳෙ ප්‍රතිකාර ලබමින් සිටින බවත් මර්ධනය දියත් කිරීමෙන් විරුද්ධවාදීන් යටපත් කිරීමේ බොළඳ උත්සාහයක රජය නියැලී ඇති බවත් ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් වකමුල්ලේ උදිත හිමියන් පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
අදාල රජයේ නිල ප්‍රකාශයක් මෙවන් සිදුවීම් පිළිබඳව වහාම එළිදැක්විය යුතුය. රටේ බහුතර ජනතාව තුල සත්‍ය තත්වය පිළිබඳව අවබෝධයක් ඇතිකල යුතුය. විවිධ යටි අරමුණු සහිතව පවතින රජය කෙරෙහි ජනතාව කලකිරීමට පත්කර, රට පාවාදෙන, රණවිරුවන් හිරගෙයට යවන අවස්ථාවාදීන් බලයට ගෙන ඒමේ ගමන් මග සැකසෙමින් තිබෙනු පෙනේ. එසේ කිරීමට රජය තුල සිටින යම් පාර්ශවයන්ද දේශද්‍රෝහීන් සමග අත්වැල් ගත් ස්වභාවය වර්තමානයේ සිදුවන දේ පිලිබඳ බලන විට පැහැදිලිවේ. එම යථාර්තය සියලුදෙනාටම එය තේරුම් ගියත් අන්ධයන්, බිහිරන් සේ හැසිරෙන වගකිවයුත්තන් හට එය නොදනිම ජාතියේ අවාසනාවකි.
I would like to ask this young Bagya about trees in her garden/front yard. Someone showed her house on a Youtube channel. She does not have any tree, like a small mango tree or Robutan-tree or whatever a tree (even small) in her from yard. This means that she is not doing her work for the environment. She has only a big wall around her house (let us assume that it is her/their house as someone claims, yet without any proof ). she has a concrete jungle but no tees. She is just a hypocrite: saying that we want trees but destructing her own garden/yard.
Nowadays, problem with so-called environmentalists and many people who are claimed to be so is this. They are not environmentally friendly through their actions but only through their mouth. And this is called hypocrisy. They drive vehicles more often than not, quite redundantly, yet cry for lowering CO2 emission. They use of fuel driven appliances abundantly. Many of them are not prepared to walk or cycle to even a nearby shop/place but use motor vehicles. They cry for forests yet they have huge houses and walls around them much more than sufficiently, thus making their own gardens looking like only concrete jungles. We are destructing the environment at our own places, yet cry for trees in forest and reserves. It is true that we should protect our forest coverage. But first we should not be hypocrites. Why we neglect our own garden? First thing is first. Preserve the environment individuallly. It can start from your own house and garden. Have a house just sufficient for the family. If there is a space for a garden, plant trees in it, not just small flower trees that waste much of the space. Walk or cycle to places whenever possible. Minimize the use of fuel-driven vehicles as much as possible.