සමගි ජන බලවේගය පක්ෂයේ පළමු සංවත්සරය ඊයේ(16) දිනයේදී කොළඹ හයිඩ් පිටියේදී උත්සවශ්‍රීයෙන් පැවැත්වුණු අතර එහිදී නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර සිටියේ පසුගිය ජනාධිපතිවරණවලදී පොදු අපේක්ෂකයන් ඉදිරිපත් කර සිදු කළ වරද මීළඟ මැතිවරණවලදී සිදුනොකරන බවත් ඒ වෙනුවට පොදුජන අපේක්ෂකයෙක් ජයග්‍රහණය කරවීමට කටයුතු කරන බවයි.
එහිදී ඔහු අවධාරනය කළේ වත්මන් රජයට එරෙහිව කඩිනමින් වීථි බැස විරෝධතා මාලාවක් ආරම්භ කරන බවයි.
සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියේ පොදු ජනතාවගේ ජීවිත සුරකින්නට තම ජීවීතය වුවද පරිත්‍යාග කිරීමට පැකිලෙන්නේ නොමැති බවයි.
මෙහිදී සිදුවූ විශීෂ සිද්ධිය වන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රැස්වීම් භූමියට පැමිණෙන විට රැස්වීමේ නිවේදකයා වූ තිලක් කුමාර මහතා‘අනාගත ජනාධිපති තුමාට ජය වේවා’ යයි හඬ නැගීමත් එයට රැස්ව සිටි පිරිස් ප්‍රීති ඝෝෂා පැවැත්වීමත්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...