දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්ධන් මන්ත‍්‍රීවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය විසින් ඉදිරිපත් කොට ඇති යෝජනාවලියට රටවල් ගණනාවක සහය ලැබී එය සම්මත වන බව තමන්ට විශ්වාස බවයි.
එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ උතුරු හා නැගෙනහිර දෙමළ ජනතාවට මුහුණ දීමට සිදුව ඇති ගැටලූ හා ප‍්‍රශ්න සම්බන්ධයෙන්ද අතීතයේ ඔවුන් විසින් විඳින ලද ඉතා අමිහිරි අත්දැකීම් පිළිබඳවද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට මෙන්ම ජාත්‍යන්තර රටවල් ගණනාවකට විශාල අවබෝධයක් ඇති බවයි.
මේ අවස්ථාව වන විට ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය විසින් ඉදිරිපත් කොට ඇති යෝජනාවලිය බොහෝ දුරට සාධාරණ බැවින් ඊට සහය ලබා දෙන මෙන් දෙමළ ජාතික සන්ධානය ප‍්‍රසිද්ධියේම හා විවිධ ක‍්‍රමවේදයන් ඔස්සේ රටවල් ගණනාවක තානාපතිවරු දැණුවත් කොට ඇති නිසා ඊට පූර්ණ සහය ලැබෙන බව සඳහන් කළ දෙමළ ජාතික සන්ධානයේ නායකයා තම පක්ෂයේ නොසැලෙන හා එකම බලාපොරොත්තුව වී ඇත්තේ ඒ අවස්ථාව පිළිබඳව බවද අවධාරණය කළේය.
සම්පන්ධන් මහතා වැඩිදුරටත් පවසා සිටියේ දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනා හා ඔහුගේ ප‍්‍රකාශයන් ජාත්‍යන්තරය හමුවේ ඉතා ළදරු අවධියක පසුවන බවත් ලෝකයේ රටවල් විශාල සංඛ්‍යාවක් ශ‍්‍රී ලංකාවේ සැබෑ තත්ත්වය මේ වන විට හඳුනාගෙන ඇති නිසා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේදී සාධාරණයට ඉඩක් අවසන් මොහොතේ හෝ ලැබෙන බවත් තමන් විශ්වාස කරන බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...