තම බඩ ඉරිඟු අස්වැන්න සාධාරණ මිළකට අළෙවි කරගැනීමට නොහැකිව පීඩාවට පත්ව සිටින ගොවීන්ගේ ගැටළු පිළිබඳව සොයා බැලීම පිණිස ජාතික ගොවිජන එකමුතුවේ නියෝජිතයින් පිරිසක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුනුවැව, හොරොව්පතාන, මැදවච්චිය, රඹෑව යන ප්‍රදේශවල සංචාරය කිරීමෙන් අනතුරුව එහි සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා ප්‍රකාශ කර සිටියේ මේ වනවිට රටේ බඩ ඉරිඟු මිළ පෞද්ගලික කොම්පැණිකරුවන් කිහිප දෙනෙක් විසින් පාළනය කිරීමට පටන්ගෙන අති බැවින් බඩ ඉරිඟු සඳහා සහතික මිළක් ලබාදීමට රජය මැදිහත්විය යුතු බවයි. තවද බඩ ඉරිඟු වලින් සත්ව ආහාර වලට අමතරව වෙනත් නිෂ්පාදන ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමට ද රජය පියවර ගත යුතු බව ඔහු වැඩිදුරටත් පැවසීය.
එමෙන්ම මෙවර කන්නයේ රජයට උපරිමව මිළදී ගත හැකි වන්නේ වී මෙට්‍රික් ටොන් 150,000ක් පමණක් බවත් මහා පරිමාණ මෝල් හිමියන් සපයන්නේ රටේ සහල් අවශ්‍යතාවයෙන් 20% -25% වන අතර ඉතිරිය සුලු හා මධ්‍යම පරිමාණ මෝල් හිමියන් සැපයුව ද මෙවර ඔවුනට වී මිළදී ගැනීමට අවශ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක නොවූ බැවින් රටේ සහල් මිළ පාළනය කරගත නොහැකි තත්වයක් මතුවී ඇති බවත් ඔහු පවසයි.
එයට පිළියමක් ලෙස එළඹෙන සිංහළ, දෙමළ අවුරුදු සමයේදී රටෙන් හෝ සහල් ගෙනත් අඩු මිළට දෙන බව රජය ප්‍රකාශ කළ ද එයින් වී/සහල් අර්බුධයට විසඳුමක් නොලැබෙන බව ද ඔහු ප්‍රකාශ කර සිටියේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...