බුර්කා තහනම සම්බන්ධයෙන් වූ කැබිනට් පත්‍රිකාව ඊයේ (15) පැවති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව වාර්තා පළ වුවද එසේ ඉදිරිපත් වී නොමැති බව පැවසේ.
කෙසේ වුවද එම කැබිනට් පත්‍රිකාව ලබන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ඇති බව රජයේ ආරංචි මාර්ග පවසා සිටී.
අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා ප්‍රකාශ කර සිටියේ බදු අඩු කිරීම සහ කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් ද ඊයේ පැවති කැබිනට් මණ්ඩලයේදී වැඩි අවධානයක් යොමු වු බවයි.
එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් ” අඩු කළ බදු ජනතාවට දැනෙන ආකාරයට ක්‍රියාත්මක වී නැහැ කියන කාරණය සම්බන්ධව කැබිනට් මණ්ඩලයේදී කතා කළා. මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාවත් කැඳෙව්වා. අඩු කර තිබෙන විශාල බදු මුදල ජනතාවගේ අතට යන විදිහට වැඩපිළිවෙල හදන්න කියා උපදෙස් දුන්නා. බුර්කාව සම්බන්ධයෙන් කිසිම කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් ගෙනාවේ නෑ. ඒ ගැන සාකච්ඡා කළෙත් නෑ,” අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා පවසා සිටියේය.
මේ අතර ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහකොමසාරිස්වරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශකර ඇත්තේ බුර්කාව තහනම් කිරීම තුළින් මෙරට මුස්ලිම් ජනාතාවගේ මෙන්ම ලොව පුරා මුස්ලිම්වරුන්ගේ හැගීම්වලට හානියක් සිදුවන බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...