පුරවැසි කොලම

ඇත්ත කියන රත්නසිංහම්

March 16, 2021 5:52 am | Lanka Lead News

ඇනස්ලි රත්නසිංහම් මහතා මේ වන විට ජීවත් වන්නේ ජර්මනියේ ය. හෙතෙම සෞඛ්‍ය නිලධාරියකු ලෙස කටයුතු කළේය. උපන්නේ යාපනයේ ය. තිස් වසරක යුද්ධයේ අමිහිරි අත්දැකීම්වලින් සපිරි තම ජීවිතයේ අතීත මතකය ඔහු බීබීසීය සමගින් ආවර්ජනය කර තිබිණි. හෙතෙම ප‍්‍රකාශ කරන මතය ඉතා වැදගත්ය. එයට සවන් දිය යුතුය. ‘‘මා ශ‍්‍රී ලාංකිකයෙක්. දැන් ජීවත් වෙන්නෙ ජර්මනියෙ. 2009 අවුරුද්ද ශ‍්‍රී ලාංකික අපිට අතිශය වැදගත් වෙන්නෙ අවුරුදු තිහක් අත්වින්ද කුරිරු යුද්ධය අවසන් වීම නිසා. මේ යුද්ධයේ කුරිරු පල විපාක මම තරුණයෙක් ලෙස යාපනයේ ජීවත් වෙද්දී අත්වින්දා. ශ‍්‍රී ලංකාවෙ ජීවත්වන මිනිස්සුන්ට දෙමළ වීම නිසාම ප‍්‍රශ්න නෑ. යම්කිසි දෙමළ මිනිහෙක්ට තිබෙන ප‍්‍රශ්නයක් සිංහල හෝ මුස්ලිම් මිනිහෙකුටත් ඒ ආකාරයෙන්ම තියෙනවා. ලංකාවෙ දෙමළ දේශපාලකයො මේ ප‍්‍රශ්නවලට වැරදි අර්ථකථන දෙනව. නමුත් ඔවුන් මේ ප‍්‍රශ්න නිරාකරණය කරන්න කිසිම උනන්දුවක් දක්වන්නෙ නෑ. දෙමළ මිනිස්සුන්ට සුළු ජාතියක් හැටියට ලංකාවෙ ඕනෑම තැනක ජීවත් වෙන්න හැකියාව තිබුණත් අපි කුඩා කාලයෙ යාපනයේ ජීවත් වුණ සිංහල මිනිස්සුන්ට ඒ වරප‍්‍රසාදය අදටත් ලැබිලා නැහැ. ඔවුන්ගෙ මධ්‍ය මහා විද්‍යාලය විනාශ කරල දැම්මෙ, ඔවුන්ගේ සුසාන භූමිය ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයක් කළේ අපි කුඩා කාලයේදි. අද වෙනකන් රටේ මධ්‍යම ආණ්ඩුව කරපු දේවල් හැරෙන්න මේ දෙමළ දේශපාලකයො වැසිකිළියක් වත් මිනිස්සුන්ට හදා දීල නෑ. අපි මේ රටේ එකට ඉන්න ඕනෙ. අපිට ඊළම ඕනෙ නෑ. සිංහල මිනිහටත් යාපනේ ජීවත්වෙන්න පුළුවන් වෙන්න ඕනෙ. එතකොටයි මේ රටට ඉස්සරහට යන්න පුළුවන්” යාපනයේ දේශපේ‍්‍රමී දෙමළ ජාතිකයකු වශයෙන් හෙළිකරන ඇත්ත ගැන සියලූ ශ‍්‍රී ලාංකිකයන් ඔහුට උපහාර පිදිය යුතුය. කොටි හිතවාදීන්ගේ ව්‍යාජ මත හෙතම සුනු විසුණු කර දමයි. දෙමළ සන්ධානයේ තක්කඩිකම් හෙළි කරයි. දෙමළ අන්තවාදය නිසා යාපනයෙන් පලවා හැරි සිංහලයන් ගැන සිහි කරන්නේ රත්නසිංහම් මහතාය. ඔහුට ඊළමක් අවශ්‍ය නැත. බහුතර දෙමළ ජනතාවගේ අදහසද මෙයම බව පැහැදිලිය. නමුත් සුමන්තිරන්ලාගේ මතය රත්නසිංහම් මහතා පවසන ඇත්තට සම්පූර්ණයෙන් වෙනස්ය. සුමන්තිරන්ලාට අවශ්‍ය ලංකාව මානව හිමිකම් උගුලේ හිර කරන්නටය. ලංකාවේ නායකයන්ට එරෙහිව හේග් නුවරදී නඩු ඇසෙනවා දකින්නටය. නමුත් රත්නසිංහම් මහතා පවසන්නේ කුමක්ද? දෙමළ වීම නිසාම ප‍්‍රශ්න නැති බවයි. මෙය ඉතා හො`දින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ වෙත දැනුම් දිය යුතුය. මිෂෙල් බැෂලේට නිවැරදි පිළිතුර ලබා දෙන්නේ යාපනයේ උපන් රත්නසිංහම් මහතා විසිනි. කොටි ඩයස්පෝරාවේ මතය අනුව යමින් වාර්තා සකස් කරන මිෂෙල් කොමසාරිස්තුමියට දෙමළ ජනයාගේ ඇත්ත කතාව ඇසෙන්නේ නැත. යුද අපරාධ, මානව හිමිකම්, ජාත්‍යන්තර තහංචි, වෙළෙඳ සම්බාධක වැනි දෑ යළිත් කරළියට පැමිණීම නිසා සිදුවන්නේ කුමක්ද රටේ පවතින සංහි`දියාව විනාශ වීම නොවේද? ඇනස්ලි රත්නසිංහම් මහතා පවසන්නේ සියලූ ජාතීන් එක්ව විසිය යුතු බවයි. වෙන වෙනම කුළල්කා ගැනීමෙන් සිදුවන්නේ අ`දුරු අතීතයට යළි පිවිසීම පමණකි. යාපනය වැසියන්ට යළි 1987 කාලයට යෑමට අවශ්‍ය නැත. එයින් බරපතළම හානිය සිදුවූයේ දෙමළ ප‍්‍රජාවටය. එය හො`දින්ම රත්නසිංහම් මහතා දනී. හමුදාව විසින් දෙමළ ප‍්‍රජාව කොටින්ගේ කුරිරු හස්තයෙන් මුදා ගැනීම ගැන ඔහු සතුටු වෙයි. ඇත්ත කියන රත්නසිංහම්ට අපේ ප‍්‍රණාමය.
(2021 මාර්තු 16 දිවයින කතුවැකිය)



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ප්‍රමිති කාර්යාංශයට නව සභාපතිවරයෙක්

ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ සභාපති ධූරය දැරූ නුෂාඩ් පෙරේරා මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමෙන් අනතුරැව නව සභාපති ලෙස වෛද්&#x...


Read More

පළාත් කිහිපයකට මි.මී 100 ඉක්මවු වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවු තද වැසි ඇති විය හැකිය....


Read More

කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය ගැබිණි මව්වරුන්ට සහ දරුවන්ට මාරාන්තිකයි!

ශ්‍රී ලංකාව තුළ පැතිරී යන කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අදහස් දක්වමින් හෝමාගම මූලික රෝහලේ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය ආර...


Read More