රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය සමන්ත ආනන්ද මහතා ඊයේ(16) පැවති මාධ්‍යය සාකච්ඡාවකදී පවසා සිටියේ කොවිඩ් වෛරසය පැතිර යෑම පාලනය සඳහා අප්‍රේල් මාසයේදී සංචරණ සීමා පැනවීම සුදුසු බවයි.
එහිදී ඒ මහතා වැදිදුරටත් පවසා සිටියේ එළඹෙන අප්‍රේල් අවුරුදු සමයේ කොළඹ සංචරණය වැඩිවුවහොත් නැවතත් ආසාදිතයින් ගණන ඉහළ යා හැකි බවයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය සමන්ත ආනන්ද මහතා, “එළඹෙන අප්‍රේල් මාසය ගතහොත් සාමන්‍යයෙන් රටේ අනෙක් ප්‍රදේශවලින් විශාල වශයෙන් ජනතාව කොළඹට පමිණෙන මාසයක්. මෙවරත් එය එසේ වුවහොත් කොවිඩ් වෛරසය පැතිරීම නැවත වතාවක් උත්සන්න වීමේ තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා සංචරණ සීමා පැනවීම ඉතාම අවශ්‍යයි. අපි අවධාරණය කරන්නේ නිරෝධායනය ගැන තීන්දු තීරණ ගත යුත්තේ විද්‍යාත්මක තොරතුරු මත පදනම්ව යන කාරණයයි.” යනුවෙන් පැවසුවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...