ජාතික පාරිසරක පණතට අදාලව 1993 ජුනි 24 දින27 ප්‍රකාශයට පත් කර ඇති 772/27 ගැසට් නිවේදනයට අනුව ඉඩමේ අයිතිය කුමක් වූවද, ඔප්පුවේ හිමිකරු කවුරුන් වූවද ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති නිසි නියාමණයට ලක්විය යුතු බවත් ඒ අනුව හෙක්ටයාර 1කට වැඩි ඕනෑම ඉඩමක් සංවර්ධන කරන්නේ නම් ඒ සඳහා “පරිසර බළපෑම් තක්සේරු වාර්තාවක් සකස් කොට එයට පූර්ව ලිඛිත අනුමැතියක්” ගතහොත් පමණක් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ හැකි බව පරිසර ක්‍රියාකාරී සජීව චාමිකර මහතා පවසයි.
“වනාන්තර” අර්ථකථනයට තෘණ භූමි සිට ඝන වනාන්තර දක්වා වන පරාසය අයිති වන බවත් එයට අමතරව ඕනෑම සංවර්ධන කටයුත්තකදී 1951 පස සංරක්ෂණය පණත යටතේ යම් කිසි ප්‍රදේශයක් ප්‍රකාශයට පත් කර ඇත්නම් අදාල භුමි ප්‍රදේශය තුළ සංවර්ධන ව්‍යාපෘතියට පෙර “පරිසර බළපෑම් තක්සේරු වාර්තාවක් සකස් කොට එයට පූර්ව ලිඛිත අනුමැතියක්” ගත යුතු බවත් ඔහු පෙන්වා දෙයි.
මෙම පරිසර බළපෑම් තක්සේරු වාර්තාව ජාතික පාරිසරික පණතට යටත් වන අතර විෂය මධ්‍යම පරිසර අධිකාරියට අයත් වන බව පෙන්වා දෙන ඔහු මෙවැනි ව්‍යාපෘති නියාමණයට තවත් නීති ගණනාවක් ඇතුළත් වන බව ද ප්‍රකාශ කර සිටී.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...