දේශීය පුවත්

අද(15 ) වනදා කොළඹ පැවැති මාධ්‍යය සාකච්ඡාවකට එක් වෙමින් අධ්‍යාපන අමාත්‍යය ජී එල් පීරිස් මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව පුරා පිහිටුවා තිබෙන 1965 ක් වූ මද්‍රසා පාසල් නියාමනය කිරීම කිසිසේත් නීති විරෝධී නොවන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යයවරයා පවසා සිටියේ යහපාලන ආණ්ඩුව මෙම මද්‍රාසා පාසල් වල උගන්වන විෂය මාලාවන් මොනවාද ඒවායේ උගන්වන ගුරුවරුන් කවුරුන්ද මේවා නියාමනය කිරීමට කුමක් කළ යුතුද යන්න පිළිබඳව කිසිවක් සොයා නොබැලූ බවයි.

අමාත්‍යයවරයා පෙන්වා දුන්නේ එවැනි අත්‍යාවශ්‍යය සොයා බැලීම් කිසිවක් නොකළ යහපාලන ආණ්ඩුවේ සිටි ඇමතිවරයෙක් එහෙත් අද විපක්ෂයට වැටී සිටින මන්ත්‍රීවරයෙක් මෙම පාසල් නියාමනය කිරීම නීති විරෝධී යැයි පැවසීම කිසි විධියකින් පිළිගත නොහැකි බවයි.

මද්‍රාසා පාසල් මගින් රටේ ජන කොටස් අතර ගැටුම් අවුලුවාලීම මෙන්ම රටේ සාමය සහ යහපැවැත්මට තර්ජනය කිරීම වැලැක්වීමට එරෙහිව මැදිහත් වීමට රජයට අයිතියක් ඇතුවා පමණක් නොව එය රජයේ වගකීම වන බවද ජී එල් පීරිස් අමාත්‍යයවරයා අවධාරණය කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More