දේශීය පුවත්

වයස අවුරුදු 05දී කොළඹ පදිංචියට පැමිණ රාජකීය විදුහලෙන් අධ්‍යාපනය ලබා ඇති 2010දී දෙමළ ජාතික සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගිය මන්ත්‍රී, ජනාධිපති නීතිඥ මදියාබරනන් ඒබ්‍රහම් (එම්.ඒ.) සුමන්තිරන් පවසන්නේ මීළඟ ජනාධිපතිවරණයේ දී තමන්ගේ සහය හිමිවන්නේ හිටපු අමාත්‍ය මංගල සමරවීර නියෝජනය කරන කඳවුරකට බවයි.

ඔහු එම කාරණය අවධාරනණය කර සිටියේ; සුමන්තිරන් යනු රෝ ඔත්ටු සේවයේ නියෝජිතයෙකු බවට ඔහුට චෝදනා කරමින්, SLVLOG මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ”මීළඟ ජනාධිපතිවරණයේදී සහය දක්වන්නේ කාටදැයි?” විමසා සිටි අවස්ථාවේදී ය.

මංගල සමරවීර සිටින කඳවුරකට සහයදීමේ තීරණය සුමන්තිරන් මන්ත්‍රීවරයා ඔහුට අනුව මෙහිදී පැහැදිළි කළේය.

සිය දේශපාළන ඉතිහාසය පුරාම ජාතික සමගිය වෙනුවෙන් පෙනීසිටි මංගල සමරවීරට සිය “ලිබරල් දේශපාළන ප්‍රතිපත්තිය” නිසා රාජපක්ෂ ආණ්ඩුවේ විදේශ අමාත්‍ය ධුරය අහිමිවූ බව ද සුමන්තිරන් මන්ත්‍රීවරයා මෙහිදී සිහිපත් කළේය.

පාර්ළිමේන්තු මැතිවරණ දේශපාලනයෙන් සමුගෙන සිටින මංගල සමරවීර මේවනවිට “සැබෑ දේශප්‍රේමියෝ” (True Patriot) නමින් මතවාදීමය මෙහෙයුමක් ආරම්භ කර තිබේ. ඒ වෙනුවෙන් “ෆ්‍රීඩම් හබ්” (Freedom Hub) නමින් සන්නිවේදන මධ්‍යස්ථානයක් ද මේවනවිට ක්‍රියාත්මක කර ඇත.

තමා දෙමළ ජාතිවාදියකු නොවන්නේයයි පවසන ඔහු තමා දෙමළ ජාතිකවාදියෙකු යයි උභතෝකෝටික පිළිතුරක් ලබාදෙන ඔහු ඔවුන් ඉන්දියාවට වඩාත් හිතෛෂී බවක් පෙන්නුම් කරයි. තම දේශපාළන පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්තියේ දර්ශණය සමාජවාදී බව ද ප්‍රකාශ කරයි.

දෙමළ සමාජය තුළ උග්‍ර කුළ භේදයක් ඇති බව පිළිගන්නා ඔහු දෙමළ ජනයාගේ ප්‍රසාදය තමා කෙරෙහි තවමත් පවතින බව ද ප්‍රකාශ කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More