ඊයේ(14) උදෑසන ටී.වී දෙරණ ඔස්සේ විකාශය වූ දෙරණ අරුණ වැඩසටහනට එක්වෙමින් යුද හමුදාපතිවරයා පවසා සිටියේ කොවිඩ් මර්දන එන්නත ලබාගෙන විදෙස්ගතව සිට පැමිණෙන පුද්ගලයින් නිරෝධායනයට ලක් නොකිරීමට අවධානය යොමු වී ඇති බවයි.
එහිදී ඔහු අවධාරණය කර සිටියේ මේ වනවිට රට තුළ කොවිඩ් ව්‍යාප්තිය බොහෝදුරට පාලනය කරඇති බවයි.
යුද හමුදාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් “කොවිඩ් මර්දන එන්නත ලබාගෙන ශ්‍රී ලංකාවට පැමිණෙන විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ටට නිරෝධායනයෙන් තොරව යෑමට හැකියාවක් ලැබෙයි කියන ධනාත්මක පිළිතුර හෙට දිනයේ(15) දී බොහෝදුරට ලැබෙයි. ඒ වගේම පැය 96කට අඩු කාලසීමාවක් රටින් පිටතට ගිහිල්ලා ජෛව බුබුළක් යටතේ පැමිණෙනවා නම් ඔවුන් ලංකාවට පැමිණියාට පසු නිවසේ දින 7ක් නිරෝධායනය වී 5වන දිනයේදී පීසීආඅර් පරීක්ෂණයක් කරලා ඔවුන්ට නික්මයෑමේ හැකියාවක් තිබෙනවා. එසේ නොමැතිව දින 4කට වැඩිය කාලයක් විදෙස්ගතව ලංකාවට පැමිණීමේදී, පැමිණි වහාම පීසීආර් පරීක්ෂණයක් කරලා ඊට අමතරව දින 5ත් 7ත් අතර කාලසීමාවෙදි දෙවනි පීසීආර් පරීක්ෂණයත් කරලා ඔවුන්ව මුදා හැරීමේ ක්‍රමවේදයක් යටතේ දැනට අනුමැතිය ලබාදීමට කටයුතු කරනවා. අපි ගනුදෙනු කරන්නේ වෛරසයක් සමඟ. ඕන මොහොතක තත්ත්වය වෙනස්වීමේ හැකියාව තිබෙනවා. දැනට කොවිඩ් වෛරසය මේ ආකාරයෙන් පාලනය කරගැනීමට අපිට හැකියාව ලැබිලා තියෙනවා. පීසීආර් පරීක්ෂ්න කරන්නේ කොවිඩ් ආසාදිතයින් සොයාගැනීම සඳහා ඉලක්ක කරගෙන. කොවිඩ් ආසාදිතයින් අඩු වෙද්දි ඔවුන්ගේ ආශ්‍රිතයින් සංඛ්‍යාවත් අඩු වෙනවා. කොවිඩ් ආසාදිතයින් හමුවියහැකි ස්ථාන ඉලක්ක කරගෙන සිදුකරන පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය අපි අඩු කරලා නෑ,” යනුවෙන් යුද හමුදාපතිවරයා පවසා සිටියේය.
කෙසේවෙතත් කිසියම් පුද්ගලයෙකු කොවිඩ් මර්දන එන්නතක නිර්දේශ කරන ලද මාත්‍රා ප්‍රමාණය සම්පූර්ණ වශයෙන් ලබාගෙන ඇත්නම් ඔහු නිරෝධායනයෙන් නිදහස් කෙරෙන බවද සඳහන් යුද හමුදාපතිවරයා පවසා සිටියේය.
මේ අතර සෞඛ්‍යය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහන මහතා අදහස් දක්වමින්
“අපිට තියෙන චක්‍රලේඛ අනුව විදෙස්ගතව සිට පැමිණෙන අය නිවෙස් තුළ නිරෝධායනය කරනවා නම් එලෙස පැමිණි පුද්ගලයා පමණයි නිරෝධායනය කළ හැකි වන්නේ. නමුත් ඒ පුද්ගලයාට අමතරව නිවැසියනුත් නිරෝධායනය කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. විශේෂයෙන්ම දුෂ්කර ප්‍රදේශවල තනිවම නිරෝධායනය වීමේ පහසුකම් නැති නිසා ඒ නිවසේ සියලුම දෙනා නිරෝධායනයට ලක්විය යුතුයි. ඒ වගේම විදෙස් රටවල සිට පැමිණෙන අයගේ තොරතුරු කඩිනමින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වෙත ලැබීමේ ක්‍රමවේදයත් මීට වඩා විධිමත් කළ යුුතුයි.” පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...