දේශීය පුවත්

සිසුවියකගේ හදිසි අවශ්‍යතාවක් පිළිබඳව තොරතුරක් දැන ගැනීම සඳහා බත්තරමුල්ලේ පිහිටි, අධ්‍යාපන අමාත්‍යාංශ ප්‍රධාන කාර්යාලයට (ඉසුරුපායට) දුරකථන ඇමතුම් එකසිය අසූපහක් ලබා ගැනීමෙන් අනතුරුව එකසිය අසූ හයවන දුරකථන ඇමතුම මගින් පිළිතුරු ලබා ගැනීමට හැකියාව ලැබීමේ අපූරු පුවතක් අනුරාධපුරයෙන් වාර්තා වෙයි.

පසුගිය 12 දින පෙරවරුවේ සිට ශිෂ්‍යාවක විසින් හදිසි අවශ්‍යතාවක් සඳහා දුරකථනයෙන් අවශ්‍ය උපදෙස් ලබා ගැනීමට උත්සාහ දරා ඇත. අදාළ අංශ සම්බන්ධ කරගැනීම සඳහා එදින පෙරවරු නවයේ සිට ඇමතුම් ලබා ගත් අතර එම දුරකථන නාද වූවද රිසිවරය එසවීමට කිසිවකුත් ඉදිරිපත් වී නැත.

මෙම ශිෂ්‍යාව දුරකථන තුනක් මගින් මෙසේ වරින් වර දුරකථන ඇමතුම් ලබා ගෙන තිබේ. ඉතාම හදිසි අවශ්‍යතාවක් නිසා උත්සාහය අතනොහැරි ඇය පස්වරු 1.30 වන විට දුරකථන ඇමතුම් 185 ක් ගෙන තිබුණි. එම සෑම අවස්ථාවකම දුරකතනය නාද වීම ද සුපුරුදු පරිදි සිදු වූවද පිළිතුරු දීමට කිසිවකුත් ඉදිරිපත් පත් වී නැත. පසුව ලබා ගත් 186 වන දුරකථන ඇමතුමට නිළධාරිණියක් විසින් පිළිතුරු ලබාදීමට කටයුතු කර ඇත. අපේ රටේ රාජ්‍ය සේවය කාර්යක්ෂම වන්නේ කවදා දැයි? ජනතාව ප‍්‍රශ්ණ කරති.
(දිවයින පුවත්)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More