ඊයේ (14) ඇඹුල්දෙනිය ප්‍රදේශයේ පැවති උත්සව සභාවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේ පාස්කු ප්‍රහාරය මෙහෙයවූයේ පැවති ආණ්ඩුවේ සිටි මුස්ලිම් දේශපාලනඥයින් කිහිපදෙනෙකු බවයි.
එහිදී මන්ත්‍රීවරයා අනාවරණය කළේ තමා අන්තවාදීන් පිළිබඳ කළ හෙළිදරව්වෙන් පසු ඇමති ධුරයෙන් ඉවත් කරදැමීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගත්තේද එම මුස්ලිම් මැතිඇමතිවරුන්ගේ බලපෑම මත බවයි.
එහිදී විජේදාස රාජපක්ෂ මහතා වැඩිදුරටත් පවසා සිටියේ,
“එදා අපේ රටේ එක ත්‍රස්තවාදියෙක්, වහබ්වාදියෙක් නැතැයි කියපු රිෂාඩ්ගෙන්, හිස්බුල්ලාගෙන්, මුජිබර්ගෙන්, රාජිතගෙන් අපි අද අහනවා පාස්කු ඉරිදා මියගිය අයගේ ජීවිතවලට වගකීම භාරගන්නවා ද කියා. එදා යහපාලන ආණ්ඩුවේ හිටියා මුස්ලිම් මන්ත්‍රිවරු 17ක්. ඒ අය අගමැතිට තර්ජනය කළා විජේදාස රාජපක්ෂව අධිකරණ ඇමති ධූරයෙන් ඉවත් නොකළොත් අපි ආණ්ඩුවෙන් ඉවත් වෙනවා කියා. රනිල්ට වටින්නේ රටට වඩා බහුතරය. මුස්ලිම් ඡන්ද අහිමි වෙයි කියන බයට, මාව ඇමති මණ්ඩලයෙන් ඉවත් කළා. පොලීසියට බලය තියෙනවා පාස්කු ප්‍රහාරය මෙහෙයවපු දේශපාලනඥයින් සොයාගන්න. ඒක මම කලින් පාර්ලිමේන්තුවේදි කිව්වා. මේක මෙහෙයවූයේ රිෂාඩ් බදියුදීන්, හිස්බුල්ලා කියලා මම දැනුත් කියනවා. ත්‍රස්තවාදින් ආරක්ෂා කළේ මුජිබර් කියලා මම දැනුත් කියනවා. ත්‍රස්තවාදීන් වෙනුවෙන් පොලීසියට බලපෑම් කළේ අසාද් සාලි කියලා මම දැනුත් කියනවා. එහෙනම් මොකක්ද මේක හොයාගන්න පොලීසියට තියෙන ප්‍රශ්නය,” යනුවෙනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...