දේශීය පුවත්

පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් ජනතාව ප්‍රචණ්ඩකාරී සහ ප්‍රකෝපකාරී ක්‍රියා සඳහා පොළඹවන ආකාරයේ ප්‍රකාශයක් කළ බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි නැමැත්තාට එරෙහිව වහා විමර්ශනයක් සිදුකොට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලමින් ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් මුසාම්මිල්, නිමල් පියතිස්ස, ගාමිණී වලේබොඩ යන මහත්වරු පසුගිය 13 දා පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබූහ.

එම ලිඛිත පැමිණිල්ලෙන් පෙන්වා දෙන්නේ 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනතේ 3(1) වගන්තිය ද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 2(එච්) වගන්තිය ද උල්ලංඝනය වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කොට ඇති අසාද් සාලි නැමැත්තා මහාධිකරණයෙන් අධිචෝදනා ලැබ දඩුවම් ලැබිය යුතු වැරදි කර ඇති බව ය ඒ අනුව වහා විමර්ශන සිදු කොට අසාද් සාලි අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ද පැමිණිලිකරුවෝ සිය පැමිණිල්ලෙන් ඉල්ලා සිටිති.

මුසම්මිල් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ පැමිණිල්ල…

“අධ්‍යක්ෂතුමා
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව,
කොළඹ.

අසාද් සාලි මහතාට විරුද්ධව සිදුකරන ලිඛිත පැමිණිල්ල

හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා විසින් 2021.03.10 වැනි දින පවත්වන ලද මාධ්‍ය හමුවේ දී ප්‍රචණ්ඩ හා ප්‍රකෝපකාරි ක්‍රියා සඳහා ජනතාව පොළඹවන ලද ප්‍රකාශයන් පිළිබඳව නීතියට අනුව කටයුතු කරන ලෙස ඉල්ලා කරන පැමිණිල්ලකි.

2021.03.10 වැනි දින බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා විසින් මාධ්‍ය හමුවක් පවත්වමින් කරන ලද ප්‍රකාශයක් හිරු, දෙරණ, සියත ආදී රූපවාහිනී නාලිකා මගින් ප්‍රචාරය කරන ලදී. එම මාධ්‍ය හමුවේ දී එම මාධ්‍ය ප්‍රකාශනයේදී සාලි මහතා තමන් මේ රජයේ නීතිය පිළිනොගන්නා බවත් තමන් පිළිගන්නේ කුරානයේ හදිස් සහ ෂරියා නීතිය පමණක් බවත් දැඩි ලෙස ප්‍රකාශ කරමින් ප්‍රකාශයක් කළේය. එම ප්‍රකාශය අසන මුස්ලිම් ජනතාව තුළ මුස්ලිම් නොවන අනිත් ජන කොටස් කෙරෙහි වෛරී හැඟීමක් ඇති වීමත් පාස්කු ප්‍රහාරයෙන් පසු රටේ මුස්ලිම් ජනතාව හා රටේ අනෙකුත් ජනකොටස් අතර බොහෝ දුෂ්කරතා මත ඇති කරගෙන තිබෙන සමගිය පළුදු වීමත් වැළැක්විය නොහැකිය.

එය පැහැදිලි ලෙසම ජනතාව තුළ වෛරී හැඟීමක් ඇතිකොට ජනතාව ප්‍රචණ්ඩ ක්‍රියා සදහා පොළඹවන්නා වූත් රටේ විවිධ ජනවර්ග අතර ගැටුම් ඇති කිරිමට පොළඹවන්නාවූත් ප්‍රකාශයකි.
2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර සම්මුති පනතේ 3(1) වගන්තිය අනුව කිසියම් තැනැත්තෙකු විසින් යුද්ධය පැතිරවීම හෝ වෙනස් ලෙස සැලකීමට, එදිරිවාදිකම්වලට හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවලට පෙළඹවීම සඳහා ජාතික, වාර්ගික හෝ ආගමික වෛරය පැතිරවීම සිදු නොකළ යුතුය.
එවැනි ක්‍රියා

අ) සිදු කිරිමට තැත් කිරිම
ආ) සිදු කිරිමට ආධාර අනුබල දීම හෝ
ඈ) සිදු කරන බවට තර්ජනය කරන සෑම කෙනෙක්ම එම පනත යටතේ අපරාධයකට වරදකරු වන්නේය. එවැනි වැරදි සංඥයෙය හා ඇපදිය නොහැකි වැරදිවේ.

එසේම එය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 2(එච්) වගන්තිය යටතට ද ගෙනෙන වරදකි. එම වගන්තිය අනුව කට වචනයෙන් හෝ ලේඛන හෝ සංඥා මගින් ප්‍රචණ්ඩ ක්‍රියා හෝ ආගමික, ජාතික හෝ වාර්ගික හෝ අසමගිය හෝ විවිධ ජනකොටස් හෝ වාර්ගික හෝ ආගමික කණ්ඩායම් අතර අප්‍රසාදය හෝ සතුරු හැඟීම් ඇති කිරීම එම පනත යටතට ගැනෙන වරදකි.

මේ පනත් දෙක යටතට ගෙනෙන වැරදි මහාධිකරණයක් හමුවේ අධිචෝදනා ලබා දඩුවම් කළයුතු අපරාධයකි.

එම නිසා මෙම පැමිණිල්ල පිළිබඳව අප්‍රමාදව විමර්ශනය සිදු කොට සාලි මහතා කර ඇති එකී අපරාධය සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන මෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන අපි ඉල්ලා සිටිමු.

01. මොහොමඩ් මුසම්මිල්
02. නිමල් පියතිස්ස
03. ගාමිණී වලේබොඩ”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More