ව්‍යාපාරික පුවත්

ජනිත සෙනෙවිරත්න

වර්තමාන ආණ්‌ඩුව ජනතාවට ලබාදී තිබූ අවසාන සහනය ද කපා දමමන් ඉන්ධන මිල ඉහළ දමා තිබේ. ඒ අනුව ඔක්‌ටේන් 92 පෙට්‍රල් ලීටරය රුපියල් 137 දක්‌වා ද ඔක්‌ටේන් 95 පෙට්‍රල් ලීටරය රුපියල් 148 දක්‌වා ද ඔටෝ ඩීසල් ලීටරය රුපියල් 109 දක්‌වා ද සුපර් ඩීසල් ලීටරය රුපියල් 119 දක්‌වා ද භූමිතෙල් ලීටරය රුපියල් 101 දක්‌වා ද වැඩිකර තිබේ. එනම් පෙට්‍රල් ලීටරයකින් රුපියල් 20 ක්‌, ඔටෝ ඩීසල් ලීටරයකින් රුපියල් 14 ක්‌, සුපර් ඩීසල් ලීටරයකින් රුපියල් 09 ක්‌, භූමිතෙල් ලීටරයකින් රුපියල් 57 ක්‌ මෙසේ ඉහළ දමා තිබේ. මේ හේතුවෙන් ආණ්‌ඩුව ඉන්ධන වෙළෙ¹මෙන් අති විශාල ලාභයක්‌ ලබා ගනිමින් සිටී.

මේ අතර ලංකා ඉන්දීය තෙල් සමාගම ද සිය බෙදුම්හල්වල පෙට්‍රල් ඩීසල් හා භූමිතෙල් මිල ගණන් ඉහළ දමා තිබේ.

ලංකා ඛණිජ තෙල් සංස්‌ථාව විසින් ඉහළ දමන ලද මිල ගණන් හා සමාන්තර වන ලෙස මෙම මිල ඉහළ දැමීම කර ඇත.

තෙල් සංස්‌ථා මිල වැඩි කිරීමට පෙර ද ඉන්දීය තෙල් සමාගම විසින් සිය බෙදුම්හල්වල තෙල් මිල වැඩි කරනු ලැබීය.

මේ අති විශාල මිල ඉහළ දැමීම් හමුවේ භාණ්‌ඩ හා සේවා මිල ගණන් විශාල වශයෙන් ඉහළ යන අතර මේ නිසා ඉතාම අසීරුවෙන් ජීවත් වූ සාමාන්‍ය ජනතාව තවදුරටත් දැඩි ලෙස අසරණව සිටිති.

මීට සාපේක්‌ෂව බස්‌ ගාස්‌තු පාසල් වෑන් රථ ගාස්‌තු ප්‍රවාහන ගාස්‌තු ආදිය ඉහළ යැමෙන් මහජනතාවගේ ජීවන වියදම අතිවිශාල වශයෙන් වැඩි වී තිබේ.

පසුගිය දිනවල ආණ්‌ඩුව නව ආදායම් බදු පනතක්‌ මඟින් අති විශාල ලෙස බදු බර ඉහළ දමා තිබියදී මේ මිල වැඩි කිරීම දැඩි අසාධාරණයකි.

පසුගිය දිනවල ආණ්‌ඩුව කිරිපිටි මිල වැඩි කළේ ඒ සඳහා වන වැට්‌ බදු අඩු කිරීම මඟින් එය වළක්‌වා ගත හැකිව තිබියදී ජනතාව ගැන කිසිදු අනුකම්පාවකින් තොරවය.

ආණ්‌ඩුව ගෑස්‌ මිල වැඩි කරන්නට සමාගම්වලට අවසර ලබා දුන්නේ ලෝක වෙළෙඳපොළේ ගෑස්‌ මිල විශාල වශයෙන් අඩු වී තිබියදීය. මේ නිසා ආහාර මිල ගණන් ඉහළ ගොස්‌ තිබේ.

මේ සියලු මිල වැඩි කිරීම් නිසා ජනතාව ඉන්නේ දැඩි අසීරුවෙනි. ආණ්‌ඩුව අසාධාරණ ලෙස ජනතාවට බදු පිට බදු ගසමින් ජනතාවගෙන් සූරා ගන්නා මුදලින් රටට කරන සංවර්ධනයක්‌ ද නොමැත. ඒ වෙනුවට මැති ඇමැතිවරුන් සඳහා සුඛෝපභෝගී නව රථ වාහන නව කාර්යාල ලබාගැනීම සිදුකරන්නේ කිසිදු ලැඡ්ජාවකින් තොරවය. රජයේ අනවශ්‍ය වියදම් අහස උසට නඟිද්දී ආණ්‌ඩුව ජනතාවට කියන්නේ පටි තද කරගන්නා ලෙසටය.

අද වනවිට රටේ තත්ත්වය අතිශය ව්‍යාකූලය. රජයේ ඉහළම නිලධාරීන් මහ දවල් රුපියල් කෝටි ගණන් අල්ලස්‌ ගන්නා විට අසුවෙති. අද වනවිට අපේ රටේ ඉහළම නිලධාරීන් බොහොමයක්‌ අතිශය දූෂිත බවට තොරතුරු එමටය. විශේෂයෙන්ම පරිපාලන සේවය අද වැටී ඇති තත්ත්වය අතිශය ෙ€දජනකය. කොන්ද කෙළින් තබාගෙන වංචා දූෂණ සිදු නොකර රාජකාරිය හරි හැටි ඉටුකරන පරිපාලන සේවා නිලධාරීන් තවමත් සිටිති. එහෙත් ඒ ඉතාම අතලොස්‌සකි. බහුතරයක්‌ අතිශය දූෂිතය. ඇතැම් පරිපාලන සේවා නිලධාරීන් චරිතය අතින් ද අතිශය දූෂිතය. තමන් යටතේ සිටින සාමාන්‍ය රජයේ සේවිකාවන් පමණක්‌ නොව තම ශේ්‍රණියටම අයත් කනිෂ්ට පරිපාලන සේවා නිලධාරිනියන් පවා මේ ඇතැම් නිලධාරීන්ගේ ගොදුරු බවට පත්ව තිබේ. මේ නිසා මේ තත්ත්වය නැති කරන්නට පරිපාලන සේවයේ පූර්ණ ප්‍රතිසංවිධානයක්‌ කළ යුතුව තිබේ. මේ ක්‍රියාවන් නවතාලන්නට ජනතාව පෙළ ගැසිය යුතු තත්ත්වයක්‌ රටේ මතුවෙමින් තිබේ.

ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්ගෙන් පහළ ශේ්‍රණිවල කාන්තා සේවිකාවන්ට සිදුවන අතවර වැළැක්‌වීම සඳහා නිසි ක්‍රියාවලියක්‌ රටට අවශ්‍යව තිබේ. මේ වනවිට ලොව පුරා එවැනි රැල්ලක්‌ ආරම්භ වෙමින් ඇති අවස්‌ථාවක ශ්‍රී ලංකාවේ ද එවන් ක්‍රියාවලියක්‌ අවශ්‍ය වේ.

ඇතැම් නිලධාරීන් තම තනතුර උපයෝගී කරගෙන සිදුකරන මෙවැනි නොමනා ක්‍රියාවන් වැළැක්‌වීමට රජය වහාම මැදිහත් විය යුතුව තිබේ. එවැනි දේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමේ පහසු ක්‍රමවේදයක්‌ අවශ්‍යවන අතරම එම පැමිණිලි සත්‍යය දැයි පරීක්‌ෂා කර බලන්නට නිසි ක්‍රමවේදයක්‌ ද තිබිය යුතුය.

මේ අතර රජයේ ඉහළම නිලධාරීන් අල්ලස්‌ගෙන අසු වූ සිද්ධියේ කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍ර සූත්‍ර සහ ගොඩනැඟිලි පවරා දීමට අනුමැතිය ලබාදීම සඳහා අල්ලසක්‌ ඉල්ලන බවට අල්ලස්‌ කොමිසමට පැමිණිලි කළ එම්. ජී. ෂුගර් ලංකා පෞද්ගලික සමාගමේ හිමිකාර ඉන්දීය ජාතිකයාගේ ජීවිතයට බරපතළ තර්ජනයක්‌ එල්ල වී ඇතැයි අල්ලස්‌ කොමිසම අධිකරණයට පැමිණිලි කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More