සතොස හිටපු සභාපතිවරයා විසින් සීනි ආනයන කර රජයට පාඩු කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා ඊයේ (12දා) මුදල් අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් සීනි බදු අඩු කිරීම රාජ්‍ය මූල්‍ය ප‍්‍රතිපත්තියට අනුකූලව ජනතාවට සහන සැලසීම සඳහා ගත් තීරණයක් බවත්, ඒ නිසා රු.බිලියන 16ක (කෝටි 1600ක) පාඩුවක් රජයට සිදුවී නැති බවත් පැවසුවේය.
එහිදී ඔහු අවධාරණය කළේ මුදල් අමාතාංශය විසින් රාජ්‍ය මුදල් කොමිසමට එම කොමිසමේ ඉල්ලීම මත වාර්තාවක් ලබා දුන්නත් එය රජයට ආදායම් අහිමි වීමක් හෝ පාඩුවක් ලෙස මුදල් අමාත්‍යාංශය පිළිගන්නේ නැති බවයි.
එහිදී මාධ්‍යයවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මහජනතාවට සහන සැලසීම සඳහා බදු අඩු කිරීමට රජය සම්පූර්ණ අයිතිය තිබෙන බව ත් ශත 25 දක්වා එම අඩු කළ බද්ද තවමත් රජය විසින් වෙනස් කර නැති බව ත් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පැවසීය.
එහිදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් “අද වනවිට සීනි ගෙන්වීමේ වියදම ඉහළ ගොස් තිබෙනවා. මේ බදු අඩු නොකළා නම් අද සීනි කිලෝවක් වෙළෙඳපොළේ රු.175ක් දක්වා ඉහළ යෑමට ඉඩ තිබුණා. නමුත් මේ වනවිට වෙළෙඳපොළේ සීනි කිිලෝවක මිල රු.115කට මිළදී ගන්න පුළුවන්. ඒ නිසා මේ සීනි බදු අඩු කිරීම නිසා රජයට පාඩුවක් සිදුවී නැහැ.” යනුවෙන් අවධාරණය කළේය.
එහිදී ආටිගල මහතා වැඩිදුරටත් අවධාරණය කළේ ජනතාවට සහන සැලසීම සඳහා කිසියම් භාණ්ඩයක බදු අඩු කළ විට එය රජයට සිදු වූ පාඩුවක් ලෙස අර්ථකථනය කරනවා නම් රජයකට කිසිදු භාණ්ඩයක් සම්බන්ධයෙන් බදු අඩු කිරීමේ තීරණයක් ගත නොහැකි බවයි.
අවසාන වසහ්යෙන් මාධ්‍යය සාකච්ඡාවේදි ආටිගල මහතා ” රු.50ට පැවති සීනි ආනයන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ශත 25ට අඩු කළ විට සීනි කිලෝවකට රු.49.75ක් බදු ආදායම නොලැබෙන බව සත්‍යයක් වුවත් එය රාජ්‍ය මූල්‍ය ප‍්‍රතිපත්තියට අනුකූලව රජය ගත් තීරණයක්. රජය විවිධ අවස්ථාවල බදු අඩු වැඩි කිරීම් සිදු කරනවා. සීනි බදු අඩු කරන අවස්ථාවේ තවත් භාණ්ඩ කීපයකම බදු අඩු කළා. ඒ බදු අඩු කිරීම් ආදායම් අහිමි වීමක් හෝ පාඩුවක් ලෙස මුදල් අමාත්‍යාංශය පිළිගන්නේ නෑ. සීනි වෙළෙඳපොළේ සිටින ප‍්‍රධාන ව්‍යාපාරිකයන් පස් දෙනෙක් තමයි සීනි ගේන්නේ. ඔවුන් ආනයනය කරන ප‍්‍රමාණයන් ඔවුන්ගේ තීරණයක්.” යයි පවසා සිටියේය.
මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ දැනට විශ්‍රාම ලබා සිටින මුදල් අමාත්‍යයංශයේ නිලධාරියෙකු පවසා සිටියේ සීනි කෑ අන්දරේලා බොහෝ ගණනක් ජනතා විමුක්ති පෙරමුණ නඩු පැවරීමෙන් පසු කරලියට පැමිණ ඇති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...