දේශීය පුවත්

කරුණු කිහිපයකට විරෝධය දක්වමින් එළඹෙන මැයි මස 17 වන දින දීප ව්‍යාප්ත එක්දින වැඩවර්ජන ක්‍රියාමාර්ගයක් පවත්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

අද(11) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමය මේ බව කියා සිටියේය.

සැබෑ ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් සකස් කිරීමකින් තොරව සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට යාමත්, එට්කා ගිවිසුමේ කටයුතු ඉදිරියට ගෙන යාමටත් බලධාරීන් ගන්නා අත්තනෝමතික උත්සහයට විරෝධය පළ කරමින් ඔවුන් මෙම වැඩවර්ජනය දියත් කරනු ඇත.

එමෙන්ම සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක විද්‍යාලීය වෛද්‍ය පීඨයට ඍජු ලෙස අන්තර් ග්‍රහණය කර අර්බුද නිමා කරලීම සඳහා නව උසස් අධ්‍යාපන ඇමතිවරයා සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත් වීමට නියමිත බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් පවසයි.

කෙසේ වුවත් මෙම කරුණු සම්බන්ධයෙන් විරෝධය දැක්වීමට ඊයේ(10) රැස්වු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව ඒකමතිකව තීරණය කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More