දේශීය පුවත්

මාලබේ සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය විජයදාස රාජපක්ෂ යන මහත්වරු ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් අනුමැතිය සඳහා අමාත්‍යමණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව දැනට සයිටම් ආයතනයේ සිටින සිසුන් 980 දෙනෙකු පමණ ඔවුන්ගේ මූලික සුදුසුකම් හා සයිටම් ආයතනයේ අධ්‍යාපන සුදුසුකම් පරීක්ෂා කර බලා කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළත් කරන බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාපැවැසීය.

මාලබේ සයිටම් ආයතනයට එම සිසුන් ඇතුළත් වු වර්ශයේදී රජයේ වෛද්‍යපීඨවලට සිසුන් ඇතුළත් කර ගත් අවම සුදුසුකම් මූලික සුදුසුකම ලෙස සලකන බවද විජයදාස රාජපක්ෂ මහතා කීය.

ඒ අනුව එම සිසුන්ට කොතලාවල වෛද්‍ය සිසුන්ට මෙන් රජයේ රෝහල්වල සායනික පුහුණුව හා පසුව ශ්‍රීලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය හිමිවන බවද විජයදාස රාජපක්ෂ මහතා කීය.

මෙම පියවර සඳහා දැනට තිබෙන කොතලාවල වෛද්‍ය පීඨ පනතට සුළු සංශෝධනයක් පමණක් එක් කෙරෙන අතර අලුත් පනතක් සම්මත නොකරන බවද ඔහු කීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More