දේශීය පුවත්

පස්සරමුල්ලේ පඥ්ඥාජෝති හිමියන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඉදිරිපත් කරමින් ප්‍රකාශ කරන්නේ 2007 අංක 56 දරණ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යයන්තර සම්මුති පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් අසාද් සාලි මහතා විසින් පසුගිය 9 වනදා (2021-03-09) කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් සිදුකර ඇති බවත් ඔහුගේ ප්‍රකාශය සම්බන්ධව නිසි විමර්ශනයක් සිදුකර අසාද් සාලි මහතාට එරෙහිව නිසි නිත්‍යානුකුල පියවරක් ගන්නා ලෙසත්ය.

සම්පූර්ණ ලිපිය පහතින්…

—————————————————————————————————————————————-පස්සරමුල්ලේ පඥ්ඥාජෝති හිමි,
ශ්‍රී සද්ධර්මරාජික විහාරය,
අංක 615,
නාවල පාර,
රාජගිරිය.
2021/03/12

ස්ථානාධිපති,
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව,
කොළඹ.

අසාද් සාලි මහතාගේ ප්‍රකාශයක් පිළිබඳව සිදුකරන පැමිනිල්ලයි.

හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා විසින් පසුගිය 9 වනදා (2021-03-09) කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින්,

“අපිට කුරුවානයයි, හදීසයයි ෂරියයි තමයි අපේ නීතිරීතිනම් අපි ඒක ගරුකරනවා මිසක් රජයේ නීති බලන්නේ නෑ. රජයේ නීති තියෙන්න පුළුවන්. රජයේ නීතිය රජයට. රටට. ඒක එක පැත්තක තිබිච්චදෙන්. අපේ රටාව ඇවිල්ලා අපේ නීතිය. කුරුවානයේ හදීස්, නබි තුමාගේ හදීස් එක. ඒ ඇරෙන්න අපිට ඊට මීට නීතියක් අපිට නෑ. අපි ඒක තමයි ගරු කරන්නේ. අපි ඒක පිට තමයි ජීවත් වෙන්නේ. මෙච්චරකල් ජීවත් වුනේම එහෙම. අවුරුදු 73 ක් නිදහස හම්බුවෙලා තිබිච්ච නීතිය මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආවා කියලා වෙනස් කෙරුවා කියලා අපිව වෙනස් කරන්න බෑ. අපේ නීතිය අපිට. ” යනුවෙන් ප්‍රකාශ කර ඇත.

මෙම ප්‍රකාශය ප්‍රසිද්ධ මාධ්‍ය ගණනාවක පලවී තිබූ අතර එමගින් රජය විසින් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුල සම්මත කරන නීතිවලට තමන් යටත් නොවන බව ප්‍රකාශ කිරීමට අසාද් සාලි මහතා උත්සහ ගනියි. නීතියට අවනත නොවන බව පවසීමම ශ්‍රී ලංකාවේ දණ්ඩනීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වරදකි.

මීට වසර ගණනාවකට ඉහතදී නබි නායක තුමා පිළිබඳව සඳහන් කළහොත් මරාගෙන මැරෙන බවට අසාද් සාලි මහතා විසින් ප්‍රකාශයක් නිකුත් කල අතර ඊට විරුද්ධව ද නීතිය ක්‍රියාත්මක වීමක් දක්නට නොලැබුණි. පාස්කු ප්‍රහාරයේදී මරාගෙන මැරුණු සහරාන් අවසාන වශයෙන් නිකුත් කර ඇති වීඩියෝ පටයේ මරාගෙන මැරීමට හේතුව වශයෙන් නබි නායක තුමාට අපහාස සිදුකිරීම ලෙස දක්වා ඇත. එවැනි වාතාවරණයක් තුල මෙවැනි ප්‍රකාශ සිදුකිරිමම ත්‍රස්තවාදීන්ට උත්තේජනයක් ලබා දීමකි. ආගමික නීති රීති අනුව මුස්ලිම් තරුණයන් ත්‍රස්තවාදයට නැබුරු වීමට මෙම ප්‍රකාශ අනුබල ලබා දීමක් සිදු වේ. එබැවින් අසාද් සාලි මහතා 2021-03-09 දින සිදුකල ප්‍රකාශය ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ දඬුවම් ලැබිය හැකි ප්‍රකාශයකි.

එමෙන්ම මෙවැනි ප්‍රකාශ හේතුවෙන් ජාතින් අතර අසමගිය වර්ධනය වීමට ඉඩ ඇත. තමන් ගරු කරන්නේ රජයේ නීතියට නොව ෂරියා නීතියට බව ඔහු පවසා ඇත. ඒ සඳහා බෞද්ධ හෝ කතෝලික සමාජය ප්‍රතිචාර දැක්වීමට ගියහොත් එය රට තුල ජාතිවාදී ගැටුමක් දක්වා දුරදිග යාමට හැකිය. එබැවින් 2007 අංක 56 දරණ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්යන්තර සම්මුති පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් අසාද් සාලි මහතා සිදුකර ඇත.

මේ පිළිබඳව නිසි විමර්ශනයක් සිදුකර අසාද් සාලි මහතා සිදුකල ප්‍රකාශයට එරෙහිව නිසි නිත්‍යානුකුල පියවරක් ගන්නා ලෙස ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

තෙරුවන් සරණයි.

පස්සරමුල්ලේ පඥ්ඥාජෝති හිමි.
ත්‍රියිනිකායික භික්ෂූ එකමුතුව



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More