මහාචාර්ය ට්‍රෙවෝ ලිං මහතා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් රචිත “බුද්ධ” කෘතිය නයෝමා ද සිල්වා මෙනෙවිය විසින් සිංහල භාෂාවට පරිවර්තනය කර ජනගත කිරීම 2021 මාර්තු 16 සවස 3:00ට කොළඹ මහජන පුස්තකාලයේදී සිදු කිරිමට කටයුතු යොදා තිබේ.
පරිවර්තිකා විසින් ග්‍රන්ථය එළි දැක්වීමට අදාලව පූර්විකාවක් සපයමින්”දර්ශනයක් හා ආගමක්ව වැඩුණු දේශනාවක හා චරිතයක සත්‍යයේ පුනරාවර්ජනය” ලෙස ග්‍රන්ථය හඳුන්වා තිබේ. ග්‍රන්ථය එළි දැක්වීමේ උත්සවයේ මුලසුන මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ විසින් දරණු ලබති.
ආචාර්ය ගුණදාස අමරසේකර, අමාත්‍යය වාසුදේව නානායක්කාර, අමාත්‍යය විමල් වීරවංශ, අමාත්‍යය උදය ගම්මන්පිල මහාචාර්ය රෝහණ ලක්ෂමන් පියදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ යන මහත්වරුන් දේශන පැවැත්වීමට නියමිතය. මේ අවස්ථාවට සහභාගි වන ලෙස සංවිධායක මණ්ඩලය විසින් දැනුම් පිපාසයෙන් පෙලෙන සියලු පාඨකයන් හට ආරාධනා කර සිටී.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...