දේශීය පුවත්

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ කොවිඩ් වසංගතය හේතුවෙන් අත්හිටුවා තිබූ යාපනය – චෙන්නායි සෘජු ගුවන් සේවා කඩිනමින් ආරම්භ කිරීමට රජය දැනටමත් සැලසුම් කර ඇති බව යි.

අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ රත්මලාන – යාපනය සහ මඩකලපුව අතර අභ්‍යන්තර ගුවන් සේවාද කඩිනමින් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි.

අමාත්‍යයවරයා අවධාරණය කර සිටියේ “සංචාරක ගුවන් බුබුල“ සංකල්පය යටතේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි.

මේ අතර ගුවන් සේවා සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා පවසා සිටියේ ජනාවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුළ සංචාරකයින් 4000 ක් පමණ දිවයිනට පැමිණ ඇති බවත් මේ වන විට කටුනායක සහ මත්තල ගුවන් තොටුපොළවල මෙහෙයුම් කටයුතු ඉතාමත් කාර්යක්ෂමව සිදුවන බවත්ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More