කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ජාතික සංවිධාන සම්මේලනයේ සභාපති පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි ප්‍රකාශ කර සිටියේ ජාතික පෙරමුණේ නායක අසාද් සාලි මහතා අත්අඩංගුවට ගැනීමට වහාම පියවර ගතයුතු බවයි.
එහිදී උන්වහන්සේ අවධරණය කර සිටියේ අසාද් සාලි මහතාට එරෙහිව විධිමත් විමර්ශනයක් සිදුකළ යුතු බවය.
වැඩිදුරටත් අදහස් දැක්වු උන්වහන්සේ,
“රජය මේ සම්බන්ධයෙන් නිහඬව නොසිටිය යුතුයි. බොහොම පැහැදිලිව කියන්නේ අසාද් සාලි සම්බන්ධයෙන් අපරාධ විමර්ශන අංශය යොදවලා පරීක්ෂණයක් කරලා, ඔහු කළ ප්‍රකාශවලට දඬුවම් දෙන්න ඕනේ. අසාද් සාලි අවධාරණය කළේ මුස්ලිම් අය මුස්ලිම් නීතිය යටතේ මේ රටේ කටයුතු කරන්න ඕනේය කියන බව. එහෙම ඉඩදෙන්න බැහැ. අපි ආදර්ශයට ගන්න ඕනේ රුසියාවේ ජනාධිපති පුටින්. මුස්ලිම් අයට කිව්වා ඔයගොල්ලෝ ආවේ අපි කියලා නෙමෙයි. ඔයගොල්ලන්ගේ උවමනාවට මෙහාට ආවනම් මෙහෙ තියෙන නීතිරීතියට සංස්කෘතියට යටත්ව ඉන්න ඕනේ. එහෙම නැත්නම් යන්න පුළුවන්. ඒ වගේ තමයි අසාද් සාලිටත් කියන්න තියෙන්නේ මේ රටේ නීතියට යටත්ව කටයුතු කරනවා මිසක් මුස්ලිම් නීතියක් අටවාගෙන මෙහෙ කටයුතු කරන්න ඒ අයට අයිතියක් නෑ කියල. අසාද් සාලි වගේ අය මේ රටේ ජීවත් වුණාට කමක් නෑ. මට කියන්න බෑ ජීවත්වෙන්න එපා කියලා. මේ රටේ ඉපදුන කෙනෙක් නේ. හැබැයි ඒ අයට අවශ්‍ය විදියේ නීති සම්මත කරගෙන ඒවා අනුව කටයුතු කරන්න ඉඩදෙන්න බෑ. ඒක රටට අහිතකරයි. ඒ වගේ කටයුතු කරන්න ගියාම ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කරන්නේ නැතිනම් සාමාන්‍ය මිනිස්සු නීතිය අතට ගන්න ඉඩ තියෙනවා.“ යනුවෙන් ප්‍රකාශ කළෝය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...