දේශීය පුවත්

ලබන සතිය තුළ බස් රථ ගාස්තුව සියයට 10 කින් ඉහළ නැංවිය යුතු බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි.

අද(11) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා මේ බව කියා සිටියේය.

වසරකට වරක් ජුනි මාසයේ 1 වන දා සිදු කිරීමට තිබෙන බස් ගාස්තු සංශෝධනයට මෙය ඇතුළත් කරන බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

ඒ අනුව දැනට පවතින අවම ගාස්තුව වන රුපියල් 10 සංශෝධන බස් රථ ගාස්තුවෙන් අනතුරුව රුපියල් 11 වන බව ද සභාපතිවරයා මෙහිදී වැඩි දුරටත් පැවසීය.

එම ගාස්තු සංශෝධනය අනුව මාරු කාසිවල ගැටළුවක් පැන නගින බවත් එයට පිළියමක් ලෙස පෙර ගෙවුම් කාඩ් පත් ගෙන ආ යුතු වුවත් එයට නිසි වැඩපිළිවෙලක් මෙතෙක් සිදු කර නොමැති බව ද ගැමුණු විජේරත්න මහතා කියා සිටියේය.

දිනකට කෙටි මාර්ග සඳහා ධාවනය වන බස් රථවලින් මාරු කාසි නොමැති කමින් රුපියල් 800 ත් 900 ත් අතර පාඩුවක් සිදුවන බවත් එය දුර ගමන් යන බස් රථ සඳහා රුපියල් 1500 ත් 2000ත් අතර වන බවත් සභාපතිවරයා පැවසීය.

එළඹෙන සඳුදා දිනයේ දී මෙම ගාස්තු සංශෝධනය පිළිබඳ ජාතික ගමනා ගමන මණ්ඩලය හා ප්‍රවාහන අමාත්‍යවරයා දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බවත් පැවසූ ගැමුණු විජේරත්න මහතා රජය මේ පිළිබඳ සුදුසු ක්‍රියාමාර්ගයක් නොගන්නේ නම් වෘත්තිය ක්‍රියාමාර්ගයකට යෑමට පසුබට නොවන බව ද කියා සිටියේය’



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More