පසුගියදා සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා පාස්කු ප්‍රහාරයට වග කිව යුතු යැයි කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් කිරීමට ඊයේ(11) එම මූලස්ථානයට පැමිණියේය.
මේ සම්බන්ධව අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍යය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ තම ප්‍රකාශය සනාථ කිරීම සඳහා කිසිදු මූලාශ්‍රයක් මන්ත්‍රීවරයා සතුව නොතිබූ බවයි.
ඒ අනුව අජිත් රෝහණ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ පරීක්‍ෂණයේ තත්වය නීතිපතිවරයා වෙත යොමුකර ඔහුගේ උපදෙස් මත ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි..
කෙසේ වෙතත් මන්ත්‍රීවරයාගේ නීතිඥවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට දී මාධ්‍ය අමතා ප්‍රකාශ කර සිටියේ අදාළ වීඩියෝව හඬ කවා සංස්කරණය ඇති එකක් බවට සැක කරන බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...