දේශීය පුවත්

“පොහොට්ටුවේ” ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂට හිතවත් පසුපෙළ මන්ත්‍රීවරුන් 46 දෙනෙකු ඊයේ (10) අරලියගහ මන්දිරයේ දී අගමැති මහින්ද රාජපක්ෂ හමුවී ඉල්ලා ඇත්තේ අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසයි.

විමල් විරවංශ අමාත්‍යවරයා සිදුකරන ඇතැම් ප්‍රකාශ හා ඔහුගේ ඇතැම් ක්‍රියාමාර්ග වලින් ආණ්ඩුවට බරපතල හානියක් සිදුවෙමින් පවතින බැවින් නන්නත්තාර වී සිටින විපක්ෂයට එයින් විශාල වාසියක් වී ඇතිවන බව ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මන්ත්‍රීවරයා එහිදී අගමැතිවරයාට අවධාරණය කර ඇත.

විමල් විරවංශ අමාත්‍යවරයා සිදුකරන ලැබූ ඇතැම් ප්‍රකාශ සිය ජංගම දුරකථන මගින් අගමැතිවරයාට පෙන්වමින් ආචාර්ය රන්ජිත් බණ්ඩාර අවධාරණය කර ඇත්තේ, විමල් විරවංශ අමාත්‍යවරයා බැසිල් රාජපක්ෂ ඉලක්ක කර ගනිමින් දිගින් දිගටම ප්‍රකාශ සිදුකරන බවයි.

විමල් විරවංශ අමාත්‍යවරයාගේ ඇතැම් ප්‍රකාශ හරහා ආණ්ඩුවේ දෙකඩ වීමක් ප්‍රදර්ශනය වන හෙයින් පාක්ෂිකයින් මේවනවිට බරපතල ලෙස දුර්මුඛ වී ඇති බව ඇතැම් මන්ත්‍රීවරුන් සඳහන් කර තිබෙන අතර විමල් විරවංශ සමග උත්සවවලට සහභාගී නොවන්නැයි මෙහිදී සංජිව එදිරිමාන්න මන්ත්‍රීවරයා අගමැතිවරයාගෙන් ඉල්ලීමක් ද කර ඇත.

”අපි ජනාධිපතිතුමා හමුවෙලත් මේ ගැන කිව්වා. එතුමා අපි කියපු කාරණා පිළිගත්තා. ජනාධිපතිතුමා දැන් දන්නවා විමල් ඇමතිතුමාලා මොකටද එන්නේ කියලා. එත් ඔබතුමාගේ හොඳ කමට ඔබතුමා තමයි විමල් ඇමතිතුමාව රකින්නේ. ඒත්, මේ විදියට ගියොත් නම් ඔබතුමාටත් විශාල කැළලක් වෙනවා. ආණ්ඩුවත් ඉවරයි. පක්ෂයත් ඉවරයි.” යයි මන්ත්‍රීවරයකු මේ අවස්ථාවේදී පවසා තිබේ.

2006 දී අනුර බණ්ඩාරනායක, මංගල සමරවීර හා ශ්‍රීපති සුරියආරච්චි ආණ්ඩුවෙන් නෙරපූ ආකාරයට විමල් විරවංශ හා උදය ගම්මන්පිල එලියට නොදැමුවහොත් ඉදිරියේ දී බරපතල තත්වයකට මුහුණදීමට ආණ්ඩුවට සිදුවනු ඇතැයි ඇතැම් මන්ත්‍රීවරුන් අගමැතිවරයා හමුවේ සඳහන් කර තිබෙන අතර; ආණ්ඩු පක්ෂ රැස්වීමේදී මේ කාරනා සාකච්ජා නොකරන්නේ ඇයි දැයි අගමැතිවරයා මෙහිදී කල විමසීමේදී පොහොට්ටු පක්ෂයේ ලේකම් සාගර කාරියවසම් පවසා ඇත්තේ, “ඒ පිරිස ගෘප් මීටින් වලට නොඑන” බවකි.

එම සාකච්ජාවෙන් අනතුරුව මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු අගමැතිවරයා පෞද්ගලිකව හමුවී, යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සම්බන්ධයෙන් ද අනතුරු ඇඟවීමක් කර ඇතැයි වාර්තාවේ.

“2010 ෆොන්සේකා කළා වගේම දෙයක් 2024 දී වෙන්න ඉඩ තියනවා. ශවේන්ද්‍ර හමුදාපතිතුමා ගැන සැලකිල්ලෙන් ඉන්න. ඥාන මෑණියෝ තමයි ජනාධිපතිතුමාට ශවේන්ද්‍ර ගැන සහතික දෙන්නේ. දැන් විමල් ඇමතිතුමාගේ කට්ටියත් ඥාන මෑණියන් එක්කම තමයි ඉන්නේ. ඔබතුමා මේවා ගැන හොයල බලන්න ..” එක් මන්ත්‍රීවරයකු අගමැතිවරයාට පැවසු බවද වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More