යමක් සිදුවිය හැකි බව දනිමින් එය නොසළකා හැර සිටීම අපරාධ විද්‍යාවේදී “සාපරාධී නොසැළකිල්ල” ලෙස නිර්වචනය වන නමුත් නඩු පැවරිය යුත්තේ ගලබොඩ අත්තේ ඥානසාර හිමියන්ට යැයි නිර්දේශ කර තිබීම මෙම වාර්තාවේ ඇති ලොකුම විහිළුව බව; පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන කොමිෂන් වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට ඊයේ (10) දින සහභාගී වෙමින් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.
“උන්වහන්සේ 1995දී ජාතික සංඝ සභාව, ඉන් අනතුරුව 1998 දී ජාතික ත්‍රස්ත ව්‍යාපාරය, …….. මේ යනාදී ව්‍යාපාර හරහා අවුරුදු 25ක් ත්‍රස්තවාදයට එරෙහිව, අන්තවාදයට එරෙහිව සටන් කළ ස්වාමීන් වහන්සේ නමක් බවත් උන්වහන්සේ මුස්ලිම් ආගමික අන්තවාදය පිළිබඳව අනතුරු ඇඟවීම ආරම්භ කළේ 2011 තරම් ඈත කාළයක සිට බවත් ඉස්ලාම් අන්තවාදීන් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කළ හැකි බවට අනතුරු අඟවා සිටියේ 2016 තරම් ඈත කාළයකදී බවත් පැවසූ ඇමතිවරයා උන්වහන්සේ වැනි අයෙකුට නඩු පැවරීමට නිර්දේශ කරන්නේ නම් ඉන් සිදුකරන්නේ අනාගතයේදී අන්තවාදීන්ගේ ත්‍රස්ත ක්‍රියා පිළිබඳ අනතුරු අඟවන්නන් දුර්මුඛ කිරීම බවත් වැඩිදුරටත් පැවසීය.”
“හරිනම් අපගේ බුද්ධි අංශ කළ යුත්තේ බුද්ධි අංශ උපදේශකයෙකු ලෙස ඔහුව පත්කිරීම බව ඇමතිවරයා අවසාන වශයෙන් යෝජනා කර සිටියේය.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...