අද (11) බත්තරමුල්ල ජාතික නිදහස් පෙරමුණ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජානිපෙ මාධ්‍යය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා පවසා සිටියේ ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා සිදුකළ ශ්‍රී ලංකාවේ පොදු නීතියට අභියෝග කරමින් ජාතික සමගිය අනතුරේ හෙලන ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු වහාම අත්ඩංගුවට ගන්නා ලෙස තමන් පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරන අවධාරණය කළේය. එහිදී ඔහු පවසා සිටියේ ඉස්ලාම් අන්තවාදීන් මෙරට නීතියට අභියෝග කරන තැනට පත්ව ඇති බවයි.
මාධ්‍යය හමුවේදී මුසම්මිල් මහතා,“ අසාද් සාලි ඉතා පැහැදිලිව දැඩි තර්ජනයක් එල්ල කරනවා මේ රටේ අනෙකුත් ජන කොටස්වලට හා ඔවුන්ගේ අන්තවාදී මතවලට එරෙහිව වන අයට. මේ රටේ ජනතාව මුස්ලිම් නීතිය වෙනස් කරන්නට කටයුතු කළොත් තව සහරාන් කෙනෙක් එවනවා කියන පණිවුඩය තමයි වෙනත් ආකාරයකින් අසාද් සාලි අපට දෙන්නේ. තමන්ගේ මිනිපිරියගේ වයසේ ඉන්න වයස අවුරුදු 12 ක දැරියක් විවාහ කරගැනීමේ පහත් මානසිකත්වයකයි අසාද් සාලි ඉන්නේ.ඔහුගේ මනස මොන තරම් පහත් තත්වයකද තියෙන්නේ. ඒ නිසා මම අවධාරනය කරනවා පුද්ගලයා හෝ ජාති ආගම් මත නීති වෙනස්වීම ශිෂ්ඨ සම්පන්න ලෝකේ පිළිගන්න දෙයක් නෙමෙයි කියා. චාරිත්‍ර වාරිත්‍ර උප සංස්කෘතීන්වලට පවතින්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි මේ නීති වෙනස් කළා කියලා අසාද් සාලිට ඌරු මස් කරන්න කියලා කවුරුත් කියන්නේ නෑ. මේ අන්තවාදීන් සිංහල, මුස්ලිම්, දෙමළ මිනිස්සුන්ව ඇඳුමින් වෙන් කළා. ඊට පස්සේ හලාල් කියලා දෙයක්
ගෙනල්ලා ආහාරවලින් වෙන්කළා .ඒ විතරක් නෙවෙයි අධ්‍යාපනයෙන් වගේම උසාවියෙනුත් වෙන්කළා. දැන් අසාද් සාලිලාට තමන්ගේ පටු දේශපාලන උවමනාවන් ඉටුකර ගන්න සහරාන්ලා වගේ තවත් මරාගෙන මැරෙන බෝම්බකරුවන් නිර්මාණය කර ගැනීමට තමයි මේ වෙනම නීති ඉල්ලන්නේ. රටේ නීතියට අභියෝග කරන අසාද් සාලිලාට විරුද්ධව අපි විශ්වාස කරනවා නීතිපති තුමාත් පොලිස් දෙපාර්තමේන්තුවත් ක්‍රියාත්මක වෙයි කියලා.” යනුවෙන් පැවසුවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...