ඉස්ලාම් අන්තවාදී අදහස් වලින් පිස්සු වැටී ඇති අසාද් සාලි සහ රිෂාඩ් බදුර්දීන් වැන්නවුන් රජය මැදිහත් වී වහාම ප්‍රතිකාර ලබා දිය යුතු බව ජාතික සංවිධාන එකමුතුව පවසා සිටී.ජාතික සංවිධාන එකමුතුව නියෝජනය කරමින් දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍යය වසන්ත බංඩාර මහතා ලංකා ලීඩ් වෙත අදහස් දක්වමින් පවසා සිටියේ මොවුන් මුස්ලිම් සමාජයට බරපතල අගතියක් සිදුකරණ බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍යය වසන්ත බංඩාර මහතා පවසා සිටියේ රහස් පොලීයේ අත්අඩංගුවේ සිටිය යුතු රිෂාඩ්ලා රහස් පොලිසියට ගොස් පැමිණිලි කිරීම නිසා රජය විහිලුවට ලක්ව ඇති බවයි.
එහිදී ඔහු පවසා සිටියේ මෙම මානසික රෝගීන් සමාජය තුළ ගැටුම් ඇතිකිරීමට කටයුතු කරන බැවින් ඔවුන්ට ප්‍රතිකාර ලබා දීම සඳහා අත් අඩංගුවට ගෙන අංගොඩ මානසික රෝහලට යැවිය යුතු බවයි.
වෛද්‍යය වසන්ත බංඩාර මහතා වැඩිදුරටත් කරුණු දක්වමින් එසේ ඔවුන් සම්බන්ධව නීතිය ක්‍රියාත්මක නොකිරීම මගින් රජය බරපතල සමාජ වගකීමක් සහ සිවිල් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් පනත් උල්ලංඝනය කරන බව අවධාරණය කළ අතර මොවුන් නිදැල්ලේ සිටීම මගින් ජාතිවාදී ගැටුම් ඇවිලවිය හැකි බවත් අවධාරණය කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...