දේශීය පුවත්

රාමඤ්ඤ නිකායේ දක්ෂිණ ලංකාවේ ප‍්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසන්නේ ගම්පහ දාරළුව ප‍්‍රදේශයේ පිහිටි කෲඩියා සෙලනිකා (පඬු කරඳ) ශාකය එම ස්ථානයේම තබා රැක ගැනීම වෙනුවෙන් අධිවේගී මාර්ගයේ සැලසුම් වෙනස් කිරීමට රුපියල් බිලියන හතරක් අමතරව වැය කිරීම ජාතික අපරාධයක් බවයි.

අධිවේගී මාර්ගයේ පරමාර්ථයත්, පාරිසරික පරමාර්ථයත් රැක ගෙන අමතරව වැය වන දැවැන්ත ධනස්කන්ධය ඉතිරි කළ හැකි බවත් තමන් එසේ කියන්නේ අත්දැකීමෙන් බවත් උන්වන්සේ පවසයි.

පසුගියදා ටොන් පනහක් බර වට අඩි 28 ක ප‍්‍රමාණයේ දැවැන්ත බෝ ගසක් ගලවා මාරවිල සිට බිංගිරිය රස්නායකපුරට කිලෝමීටර් 60 ක් දුර ගෙවා රැගෙන ගොස් රෝපණය කර සාර්ථක ප‍්‍රතිඵල අත් කරගත් බවත් කී උන්වහන්සේ ඒ ක‍්‍රමවේදයම මත මෙම කෲඩියා සෙලනිකා ශාකයත් අසල ඉඩමේ නැවත රෝපණය කළ හැකි බවත් පවසයි.

මෙම දුර්ලභ ශාකය වෙනුවෙන් පරිසරවේදීන් පෙනී සිටිමින් ශාකය සිවුරු පොරවා සඟ සතු කිරීම ඇතුළු එය රැක ගැනීමට ගත් සියලූ ප‍්‍රයන්තයන් අගය කළ යුතු බව පැවසූ ඕමල්පේ හිමියෝ එය වෙනත් තැනක රෝපණය කිරීමට අවශ්‍ය තාක්ෂණය තිබියදීත් ජාතික ධනය රුපියල් බිලියන හතරක් වැය කිරීම අපරාධයක් බවත් සඳහන් කර සිටිති.

තමන් වහන්සේ එක්සත් ජාතීන්ගේ පාරිසරික උපදේශකවරයකු මෙන්ම මෙරට කි‍්‍රයාත්මක වන “සත්ත්ව සොබාදහම සඳහා යුක්තිය සංවිධානයේ” සභාපතිවරයා ද වන බවත් තමන් වහන්සේ සතු අත්දැකීම් අදාළ ශාකය ඉවත් කිරීම සඳහා භාවිතා කළ හැකි බවත් සෝභිත හිමියෝ වැඩිදුරටත් පවසා සිටියි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More