දේශපාළන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් නිර්දේශ බළරහිත කරන ලෙස හා ඒවා කි‍්‍රයාත්මක කිරීම වළක්වන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සමගි ජනබලවේගය පක්‍ෂයේ පාර්ළිමේන්තු මන්තී‍්‍ර සරත් ෆොන්සේකා මහතා පෙරේදා (09) දින අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කළේය.
එම කොමිෂන් සභාව හමුවට ඉදිරිපත් වූ ඇතැම් පැමිණිළිවලට තමන් ද වගකිවයුතු පුද්ගලයකු බවට කොමිෂන් සභාව විසින් නිර්දේශ කර තිබීම යුක්ති සහගත නොවන බවත් එකී කොමිෂන් සභාව පැමිණිළි විභාග කළ ආකාරය පවා නීතියට පටහැනි බවත් පෙන්වා දෙමින් සරත් ෆොන්සේකා මහතා අභියාචනාධිකරණයෙන් එම ඉල්ලීම් කර තිබේ.
එකී කොමිෂන් සභාව කි‍්‍රයාකර ඇත්තේ දේශපාළන වශයෙන් පක්‍ෂග‍්‍රාහී ආකාරයෙන් හා බලය ඉක්මවා වන බවත් පෙන්වා දෙමින් ගොනු කර තිබූ එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපති කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ විශ‍්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා ඇතුළු සෙසු කොමසාරිස්වරුන් දෙදෙනා එම කොමිෂන් සභාවේ ලේකම්වරිය හා නීතිපතිවරයා නම් කොට ඇත.
(දිවයින පුවත්)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...